ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ 'වික්ටෝරියානු සදාචාරයේ' පීඩාකාරී නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවක් පසුගිය කැබිනට් මණ්ඩලයේදී සංවාදයට ලක්ව ඇති අතර, එමඟින් සමලිංගිකත්වයට අනියමින් අවසර ලැබෙන බැවින් ඇමතිවරුන් කිහිපදෙනෙකු ඊට විරෝධය පළකර තිබුණි.
ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ සංස්කෘතියක් පවතින රටක් බැවින් ඊට අභියෝගයක් වන කිසිදු දෙයකට ඉඩ ලබා දිය නොහැකිය යන පදනමෙන් ජනාධිපතිවරයා ද මෙම විරෝධය මතුකර තිබුණී.
කෙසේවුවද මේ පිළිබඳ පළකර ඇති මාධ්‍ය වාර්තාවක් මුල්කර ගනිමින් ප්රවිණ චිත්‍රපට අධ්‍යක්ෂක අශෝක හඳගම සිය ෆේස් බුක් ගිණුමේ මෙසේ සටනහක් තබ තිබුණි.
‘මානව හිමිකම් පිලිඹද ක්‍රියාකාරී සැලැස්මේ සඳහන් සමලිංගික සේවනය වරදක් නොවන බවට වන වගන්තිය ඇතුලු හානිකර වගන්ති සියල්ල ඉවත්කර අදාළ සැලැස්ම යලි ඉදිරිපත් කරන ලෙස ජනාධිපති තුමා විදේශ අමාත්‍යංශය ට දැනුම් දුන්නා කියලා අද ලංකාදීප ප්‍රධාන ප්‍රවෘතියේ තියෙනවා.
මම මේ නොදන්නා නිසා අහන්නේ, සමලිංගික සේවනය හානිකර වෙන්නේ අසම ලිංගික සේවනයේ යෙදෙන්නන්ට ද සමලිංගික සේවනයේ යෙදෙන්නන්ටද කියලා පැහැදිලි කරලා දෙන්නකෝ කවුරු හරි. අනේ මට වත් අපේ ගෙදර කැබිනට් එකටවත් නම් හානියක් නැහැ. ඒ වුනාට රටේ කැබිනට් එකට ප්‍රස්නයක් ලු නේ.’