දැකල පුරුදු කෙනෙක් චිත්‍රපට සංස්ථාවට
මලිත් හෑගොඩගේ සිනමා අධ්‍යක්ෂණයක් වන “දැකල පුරුදු කෙනෙක්” අප්‍රේල් 4 වැනිදා සිට 11 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය කෙරේ.
මෙම චිත්‍රපටය සෑම දිනකම උදැසන 10ට, ඉංග්‍රීසි භාෂා උපසිරසි සහිතව ප්‍රදර්ශනය කරනු ඇත.
භූපති නලින් තිර රචනයකට අනුව නිර්මාණය කළ දැකල පුරුදු කෙනෙක් සඳහා බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි, දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා තිබේ.
ලන්ඩන් චිත්‍රපට උළෙල, මොන්ට්‍රියල් චිත්‍රපට උළෙල,ජෝග්ජා චිත්‍රපට උළෙල වැනි ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක්ම නියෝජනය කර ඇගයුම් ලැබූ මෙම නිර්මාණය 2015 යාපනය අන්තර්ජාතික සිනමා උළලේ හොඳම ප්‍රථම චිත්‍රපටයට හිමි සම්මානය, 2018 සරසවි සම්මාන උළලේ ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය, 2016 දෙරණ සිනමා උළලේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂ සම්මානය ඇතුළු සම්මාන කිහිපයක්ම දිනා ගන්නා ලදී.