ප්රවීන හොලිවුඩ් රංගන ශිල්පිනි ඩොරිස් ඩේ අභාවප්රාප්ත වී තිබේ.
මියයන විට ඇගේ වයස අවුරුදු 97 කි.
කැලිෆෝනියාවේ පිහිටි සිය නිවසේ දී 13 සඳුදා ඇය දිවියෙන් සමුගත් බව ඩොරිස් ඩේ සත්ව පදනම විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
1922 දී උපත ලැබූ ඩොරිස්ගේ කුඩා කළ සිහිනය වුයේ නර්තන ශිල්පිනියක වීම ය. නමුත් රිය අනතුරකට ලක්වීමෙන් පසු දකුණු කකුල ආබාධයකට ලක් වීම නිසා එම සිහිනය අත්හැරීමට ඇයට සිදු විය.
කෙසේ වෙතත්, වයස අවුරුදු 15 දී ගායිකාවක වශයෙන් කලා ක්ෂේත්රයට පිවිස රංගන ශිල්පිනියක බවට පත් වූ ඩොරිස් Calamity Jane, Pillow Talk සහ 1956 දී අතිශය ජනප්රියත්වයට පත් Que Sera, Sera වැනි සිනමාපටවල ප්රධාන කාන්තා චරිතයට පණ පෙවුවා ය. එසේම රෝමාන්තික සිනමාපට ඉතිහාසය තුළ ඩොරිස් ඩේ සහ රොක් හඩ්සන් සුසංයෝගය වඩාත් ප්රකට එකක් විය.
ඇය 2004 දී ජනපති ගෞරව සම්මානයකින් සහ 2008 දී ග්රැමී ගෞරව සම්මානයකින් පිදුම් ලැබුවා ය.
ලොව පුරා වෙසෙන කලාකරුවන් සහ රසිකයින් ඇයගේ අභාවය පිළිබඳ ශෝකය පළ කර තිබේ.