සැලී රූනිගේ “Normal People” මිෂෙල් ඔබාමාගේ “Becoming” පරදයි
මිෂෙල් ඔබාමාගේ “Becoming” කෘතිය පරදවමින් සැලී රූනිගේ “Normal People” 2019 බ්‍රිතාන්‍ය ග්රන්ථ සම්මාන උළෙලේ ඉහලම සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ අනුව උළෙලේ ඉහලම සම්මානය වන වසරේ කෘතිය මෙන්ම වසරේ ප්‍රබන්ධ කෘතිය යන සම්මාන ද්විත්වයම දිනා ගැනීමට හැකිවීම “විශාල ගෞරවයක්” බව 28 හැවිරිදි අයර්ලන්ත ජාතික ලේඛිකාව ප්‍රකාශ කර ඇත.
විනිසුරු මණ්ඩලයේ ප්‍රධානි ඇලිස් ඔකීෆ්, මිෂෙල් ඔබාමාගේ සහභාගිත්වය අගයා ඇති නමුත් රූනිගේ කෘතිය “සුවිශේෂී” සහ “ගැඹුරු හැදෑරීමක්” සහිත එකක් බව පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, එක්සත් ජනපද හිටපු ජනපති ආර්යා මිෂෙල් ඔබාමාගේ මතකාවර්ජනය “Becoming”, ප්‍රබන්ධ නොවන සහ ශ්‍රව්‍ය කෘති යන සම්මාන දිනා ගන්නා ලදී.
බ්‍රිතාන්‍ය ග්රන්ථ සම්මාන උළෙලේ දී අංශ 8ක් යටතේ සම්මාන පිරිනැමූ අතර එක් එක් අංශයෙන් ජයගත් කෘති අතුරින් විශිෂ්ටතම කෘතිය වසරේ කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර විය.