BAFTA රූපවාහිනී සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් මෙන්න
බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී කලා ඇකඩමිය(BAFTA) විසින් වාර්ෂිකව සංවිධාන කරන "බ්‍රිතාන්‍ය රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙල 2019" පසුගිය 12 වැනිදා එංගලන්තයේ රෝයල් ෆෙස්ටිවල් ශාලාවේ දී පැවැත්වුණි.
බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන් සඳහා පමණක් විවෘත මෙම සම්මාන උළෙලේ දී හොඳම රූපවාහිනී ටෙලි මාලාව ඇතුළු සම්මාන ත්‍රිත්වයක් තමන් සතු කරගැනීමට BBC One හි විකාශනය කළ Killing Eve ටෙලිය සමත් වුණි.
හොඳම රංගන ශිල්පිනිය ලෙස Killing Eve හි රඟපෑ ජෝඩි කොමර් සහ හොඳම රංගන ශිල්පියා ලෙස Patrick Melrose හි රඟපෑ බෙනඩික් කම්බර්බැච් සම්මාන දිනා ගන්නා ලදී. එසේම හොඳම කෙටි ටෙලි මාලාව ලෙස සම්මානයට පාත්‍ර වුයේ Sky Atlantic හි විකාශනය කළ Patrick Melrose ටෙලිය යි.
සෙසු ප්‍රධාන සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
හොඳම සහාය නිළිය - ෆියෝනා ෂෝ (Killing Eve)
හොඳම සහාය නළුවා - බෙන් විශෝ (A Very English Scandal)
හොඳම ඒකාංගික ටෙලිය - Killed By My Debt
විශේෂ සම්මාන - නිකොලා ශින්ඩ්ලර්