ප්‍රවීන නිළි රූමා ගුහා තාකුර්තා මෙලොව හැර යයි
ප්‍රවීන බෙන්ගාලි රංගන ශිල්පිනි රූමා ගුහා තාකුර්තා අද (03) උදැසන දිවියෙන් සමුගෙන තිබෙනවා.
මියයන විට 84 හැවිරිදි වියේ පසුවූ ඇය සත්‍යජිත් රායිගේ ගණශාස්තෘ(1989) සහ අභිජාන්(1962) වැනි සිනමා නිර්මාණ ඔස්සේ ක්ෂේත්රය තුළ නමක් දිනා ගත්තා ය.
1934 දී කොල්කටාවේ උපත ලැබූ ඇය බොලිවුඩයට පා තැබුවේ 1944 දී ජවර් භාටා සිනමාපටයෙනි. පර්සනල් ඇසිස්ටන්ට්, නිර්ජන් සයිකටේ, දදර් කිර්ති, 36 චව්රින්ගි ලේන්, ආගුන් ඇය රංගනයෙන් දායක වූ චිත්‍රපට වේ. රූමා ගුහා චිත්‍රපට සඳහා පසුබිම් ගායන ශිල්පිනියක ලෙස ද එක් වී තිබේ.
1950 වසරේ දී කිෂෝර් කුමාර් සමඟින් ඇය විවාහ වූ අතර එම විවාහ වසර අටකට සීමා විය. ජනප්‍රිය ඉන්දීය ගායන ශිල්පී අමිත් කුමාර් ඔවුන් දෙදෙනාගේ පුතු වේ.
දික්කසාදයෙන් පසුව රූමා ගුහා, අරුප් ගුහා තකුර්තා සමඟින් විවාහ විය.