ලොව ධනවත්ම ගායිකාව රිහානා
ෆෝබ්ස් සඟරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව ධනවතුන්ගේ වාර්තාවට අනුව ලොව ධනවත්ම සංගීතවේදිනිය බවට පත්ව ඇත්තේ ජනප්‍රිය ගායන ශිල්පිනි රිහානා යි.
වසර තුනකින් සංගීත ඇල්බමයක් නිකුත් කර නැති නමුත් ව්‍යාපාර කටයුතුවල පිහිටෙන් මේ වනවිට ඇගේ සමස්ත වත්කම ඩොලර් මිලියන 600කි. රිහානාගේ රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය වන Fenty ඊට වැඩි දායකත්වයක් ලබා දී තිබෙනවා.
එසේම ඇය මෙවර ඉදිරියට පැමිණියේ පසුගිය වසරවල ධනවතුන්ගේ ලැයිස්තුවේ ඉහලින් සිටි බියොන්සේ හා මැඩෝනා පරදවමිනි.
31 හැවිරිදි රිහානා-රොබින් රිහානා ෆෙන්ටි- සිය රූපලාවන්‍ය නිෂ්පාදන සන්නාමය එළිදැක්වූයේ 2017 සැප්තැම්බර් මස දී ය.
ලොව ධනවත් සංගීතවේදිනියන්ගේ ලැයිස්තුව පහතින්,
රිහානා -ඩොලර් මිලියන 600
මැඩෝනා -ඩොලර් මිලියන 560
සෙලීන් ඩියෝන් -ඩොලර් මිලියන 440
බියොන්සේ -ඩොලර් මිලියන 400