ටයාරි ජෝන්ස්ගේ සිව් වැනි නවකතාව Women’s Prize for Fiction දිනයි
මෙවර Women’s Prize for Fiction සම්මානය ඇමරිකානු ලේඛිකා ටයාරි ජෝන්ස්ගේ An American Marriage නවකතාවට හිමිව තිබෙනවා.
ඇය මෙම සම්මානය දිනාගනු ලැබුවේ අවසන් වටයට සුදුසුකම ලැබූ පැට් බාකර්ගේ The Silence of the Girls, ඔයින්කන් බ්රේත්වෙට්ගේ My Sister,the Serial Killer, ඇනා බර්න්ස්ගේ Milkman, ඩයනා එවාන්ස්ගේ Ordinary People, මැඩලින් මිලර්ගේ Circe යන කෘතීන් අභිබවමිනි.
ඒ අනුව පසුගිය බදාදා රාත්‍රියේ ලන්ඩන් නුවර දී පැවැත්වුණු සම්මාන උළෙලේ දී ටයාරි ජෝන්ස්ට පවුම් 30,000ක මුදල් ත්‍යාගයක් හිමිවිය.
An American Marriage ඇයගේ සිව් වැනි නවකතාව වේ.