සම්මානිත ඉන්දීය සිනමා අධ්යක්ෂ ගිරිෂ් කර්නාඩ් දිවියෙන් සමුගනියි
සම්මානිත ඉන්දීය සිනමා අධ්යක්ෂ, රංගන ශිල්පී, තිර රචක, නාට්‍යවේදී සහ ලේඛක ගිරිෂ් කර්නාඩ් 10 සඳුදා අභාවප්‍රාප්ත වී තිබේ.
දිගු කලක් අසනීප තත්වයේ පසු වූ ඔහු මියයන විට 81 හැවිරිදි වියේ පසුවිය.
1960 ගණන්වල දී කලා දිවිය ඇරඹු ඔහු චිත්‍රපට 100 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රංගනයෙන් දායක වී ඇත.
පද්ම ශ්‍රී, පද්ම භුෂන් සම්මාන මෙන්ම සාහිත්‍යකරුවන් උදෙසා පිරිනමන ජනපති සම්මානයෙන් ද පිදුම් ලැබූ ගිරිෂ් කර්නාඩ්ගේ අභාවය පිළිබඳ සිය ශෝකය පළ කරමින් එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.
එසේම එරට කලාකරුවන්, දේශපාලකයින්, විද්වතුන් ඇතුළු විශාල පිරිසක් ඔහුගේ නික්ම යාම ගැන ශෝකය ප්‍රකාශ කර ඇත.