2019 රජත පුස්තක සම්මාන උළෙල ජූනි 15 වැනිදා
2019 රජත පුස්තක සම්මාන උළෙල ජූනි 15 වැනිදා පස්වරු 6ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය.
මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් තෙවැනි වරට සංවිධාන කරනු ලබයි.
රජත පුස්තක සම්මාන සඳහා සිංහල කෙටිකතා, කාව්‍ය ග්රන්ථ සහ යොවුන් නවකතා යන අංශවලින් අවසන් වටයට නිර්දේශ වී ඇති කෘතීන් මෙසේ ය,
යොවුන් නවකතා
අලි ඩෝලේ - මහින්ද කුමාර දළුපොත - සුරස ප්‍රකාශන.
කොඬොල් - ලියනගේ මොනිකා කුමාරි.- ගොඩගේ ප්‍රකාශන.
බැති කුසුම් - පද්මා මැණිකේ උඩවත්ත - ගොඩගේ ප්‍රකාශන.
පසු නොබසිමි - රංජිත් ධර්මකීර්ති- සඛිල ප්‍රකාශන.
කාව්‍ය
පෙම්බරියන්ගෙන් වෙන්වුණු ලූලෙක් හැරෙයි ඇලකට - ටිම්රාන් කීර්ති - සෝර්බා ප්‍රකාශන.
කඩා වැටෙන තරුවක් - ඉලක්ෂ ජයවර්ධන - සන්ථව ප්‍රකාශන.
මල්වඩම් සිනාසිය යුතුය - දිනු රාජගුරු - සන්ථව ප්‍රකාශන.
සහෝදර මුහුණුවර - රංජිත් මල්ලියාවඩු -ග්‍රැෆිකෙයා ප්‍රකාශන.
කෙටිකතා
මල් සූටික්කා - නිශ්ශංක විජේමාන්න - විදර්ශන ප්‍රකාශන.
ස්වර්ණකාය - ප්‍රභාත් ජයසිංහ - සරසවි ප්‍රකාශන.
චයිනා ටවුම - එරික් ඉලයප්පාරච්චි - ගොඩගේ ප්‍රකාශන.
මනුස්ස යන්තර - පියසීලී විජේමාන්න - ගොඩගේ ප්‍රකාශන.