දෙරණ සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන 5ක් “දැවෙන විහඟුන්” අයිතියට
හොඳම අධ්‍යක්ෂණය ඇතුළු දෙරණ සිනමා සම්මාන උළෙලේ ප්‍රමුඛතම සම්මාන 5ක් තමන් සතු කරගැනීමට සංජිව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” සිනමා කෘතිය සමත් විය.
ඒ අනුව හොඳම රංගන ශිල්පිනිය ලෙස අනෝමා ජනාදරී, හොඳම සහය රංගන ශිල්පිනිය ලෙස සමනලී ෆොන්සේකා, හොඳම සහය රංගන ශිල්පියා ලෙස මහේන්ද්‍ර පෙරේරා, හොඳම වේශ නිරූපණය සඳහා ප්‍රියන්ත දිසානායක දැවෙන විහඟුන් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනී ය.
දෙරණ සිනමා සම්මාන රාත්‍රියේ වසරේ විශිෂ්ටතම සිනමාපටය ලෙස සම්මානයට පාත්‍ර වුයේ චන්ද්‍රන් රත්නම්ගේ “අකෝඩින් ටු මැතිව්” චිත්‍රපටය යි. 2018 වසරේ තිරගත කෙරුණු සිනමාපට 25ක් සම්මාන සඳහා විමසා බලන ලදී.
එහිදී සෙසු සම්මාන බෙදී ගියේ මෙසේ ය,
හොඳම සිනමාපටය චන්ද්‍රන් රත්නම්ගේ අකෝඩින් ටු මැතිව්
හොඳම අධ්‍යක්ෂණය දැවෙන විහඟුන් සිනමාපටය වෙනුවෙන් සංජිව පුෂ්පකුමාර
හොඳම රංගන ශිල්පියා පෝරිසාදයා සිනමාපටයේ රංගනය උදෙසා දර්ශන් ධර්මරාජ්
හොඳම රංගන ශිල්පිනිය විහඟුන් සිනමාපටයේ රංගනය උදෙසා අනෝමා ජනාදරී
හොඳම සහය රංගන ශිල්පියා දැවෙන විහඟුන් සිනමාපටය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා
හොඳම සහය රංගන ශිල්පිනිය දැවෙන විහඟුන් සිනමාපටයේ රඟපෑ සමනලී ෆොන්සේකා
හොඳම තිර රචනය ඝරසරප සිනමාපටය වෙනුවෙන් ජයන්ත චන්ද්‍රසිරි
වැඩිම ආදායම් ලැබූ සිනමාපටය යශෝධරා
හොඳම ඇඳුම් නිර්මාණය කෝමාලි කිංග්ස් සිනමාපටය වෙනුවෙන් මෙලනි ගුණසේකර
හොඳම වේශ නිරූපණය දැවෙන විහඟුන් සිනමාපටය වෙනුවෙන් ප්‍රියන්ත දිසානායක
හොඳම සංස්කරණය අකෝඩින් ටු මැතිව් සිනමාපටය වෙනුවෙන් ජේම්ස් රත්නම්
හොඳම දෘශ්‍ය ප්‍රයෝග කලුහිම සිනමාපටය වෙනුවෙන් සිද්ධාර්ථ නයනානන්ද
හොඳම ශබ්ද නිර්මාණකරණය අකෝඩින් ටු මැතිව් සිනමාපටය වෙනුවෙන් අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහ ජේම්ස් රත්නම්
හොඳම කලා අධ්‍යක්ෂණය වෛෂ්ණාවී සිනමාපටය වෙනුවෙන් උපතිස්ස ඉලංගකෝන්
හොඳම කැමරා අධ්‍යක්ෂණය අකෝඩින් ටු මැතිව් සිනමාපටය වෙනුවෙන් චන්දන ජයසිංහ
හොඳම පසුබිම් සංගීතය වෛෂ්ණාවී සිනමාපටය වෙනුවෙන් නිමල් මෙන්ඩිස්
හෙට දවසේ සිනමාව කාණ්ඩය යටතේ,
මතු බලපොරොත්තු තැබිය හැකි අධ්යක්ෂවරයා සුබා සිවකුමාරන්
ජනප්‍රිය කාණ්ඩයේ සම්මාන මෙසේ හිමිවිය,
ලක්ස් නැඟී එන ජනප්‍රිය රංගන ශිල්පිනිය නයනතාරා වික්‍රමාරච්චි
ලක්ස් වසරේ දිදුලන තරුව රංගන ශිල්පිනි ශලනි තාරකා
ජනප්‍රිය ප්‍රහසන රංගන ශිල්පියා බන්දු සමරසිංහ
ජනප්‍රිය ප්‍රතිවීර චරිතය ටෙඩි විද්‍යාලංකාර
ජනප්‍රිය රංග වින්‍යාසය චන්දන වික්‍රමසිංහ
ජනප්‍රිය ගීතය ඝරසර්ප (ගායනය සමිතා මුදුන්කොටුව-භාචි සුසාන්, පද රචනය- ජයන්ත චන්ද්‍රසිරි, සංගීතය චින්තක ජයකොඩි)
ජනප්‍රිය නළුවා ජැක්සන් ඇන්තනි
ජනප්‍රිය නිළිය උදාරි වර්ණකුලසුරිය
7 වැනි වරට සංවිධාන කළ දෙරණ සිනමා සම්මාන උළෙල අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී නිමාවට පත්විය.