ජපාන විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රබලයකු වූ ජොනි කිටගාවා අභාවප්‍රාප්ත වෙයි
ජපාන විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රබලයකු ලෙස හැඳින්වුණු ජොනි කිටගාවා අභාවප්‍රාප්ත වී තිබේ.
ටෝකියෝ නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු හදිසි හෘදයාබාධ තත්වයන් නිසා 9 අඟහරුවාදා දිවියෙන් සමුගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
මියයන විට 87 හැවිරිදි වියේ පසුවූ ජොනි කිටගාවා ආරම්භ කළ Johnny and Associates සමාගම විසින් විවිධ සංගීත කණ්ඩායම් ක්ෂේත්රයේ ඉහළට ඔසවා තැබීම සඳහා වසර 50 කට වැඩි කාලයක් තිස්සේ ඉටු කළ කාර්යභාරය අති විශාල වේ.
ප්‍රකට SMAP, Arashi සහ KAT-TUN එම කණ්ඩායම් අතුරින් කිහිපයක් ලෙස හැඳින්විය හැකි ය.
1974 සිට 2010 අතර කාලය තුළ ජනප්‍රියත්වයට පත් ගීත 232 ක් සඳහා ජොනි කිටගාවා ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කර ඇති නමුත් ඔහු ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියට පැමිණීමට කැමැත්තක් නොතිබූ අයෙක් විය.
එසේම ඔහු මෙන්ම ඔහුගේ සමාගම අත්කරගෙන තිබු කීර්තිය සහ ආධිපත්‍ය නිසා ජපාන ප්‍රධාන මාධ්‍ය ආයතන පවා ඔවුන් සමඟ වඩාත් ප්‍රවේශමෙන් කටයුතු කිරීමට පසුගිය කාලය පුරා වගබලා ගෙන තිබුණි.