ස්වර්ණ පුස්තක අවසන් දොළහ, එකොළහට බසී..?
ප්‍රවීණ ලේඛිකා සුනේත්ර රාජකරුණානායකගේ “මියුරු හඬ” කෘතිය 2019 ස්වර්ණ පුස්තක අවසන් නිර්දේශ කෘති 12 න් ඉවත් කර ඇති බවට වාර්තා වෙයි.
එම කෘතියට අදාළ නිර්මාණය මින් පෙර පුවත්පතක පළ ව තිබු බවට ලද පැමිණිල්ලක් අනුව මෙම තීරණය ගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් ලේඛක අනුරසිරි හෙට්ටිගේ සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමෙහි තැබූ සටහනක් පහතින්,
“ස්වර්ණ පුස්තක අවසන් 12 11 ට බසී..?
ස්වර්ණ පුස්තක අවසන් නිර්දේශ කෘති 12 න් එක කෘතියක් ඉවත් කර තිබෙන බවත්, එය ප්‍රවීණ ලේඛිකා සුනේත්ර රාජකරුණානායකගේ මියුරු හඬ කෘතිය බවත්, එම කෘතියට අදාළ නිර්මාණය පෙර දවසක පුවත්පතක පළ වී තිබූ බවට ලද පැමිණිල්ලක් මත එම තීන්දුව ගෙන ඇති බවත් ආරංචි මාර්ග විසින් සනාථ කෙරේ.
මෙය සත්ය්යක් නම් ඒ වෙනුවට තවත් කෘතියක් නම් කිරීමට අවස්ථාවක් මේ ක්‍රියාවලිය තුළ නැද්ද? පසුගිය වසරකදී රජත පුස්තකයේදී සිය නිර්දේශය ඉවත් කරගත් කල්පනා ඇම්බ්රොස්ගේ කෘතිය වෙනුවට තවත් කෘතියක් (අනුරාධා නිල්මිණීගේ) ආදේශ කළ අයුරින් සමීක්ෂකයන්ගේ ලකුණු මත(?) වෙනත් කෘතියක් ආදේශ කළ නොහැකිද?
මගේ පුද්ගලික අදහස නම් පුවත්පතක පළ වීම යන කොන්දේසිය වහා ඉවත් කළ යුතු බවයි. මන්ද පුවත්පතක පළ වූ නිර්මාණ වස්තු විෂයයන් පසුව නවකතා ලෙස වර්ධනය කරද්දි අලුතින් බොහෝ දේ එකතු වන බැවිනි.. මෙයට පෙර සමන් වික්‍රමාරච්චි සහ කපිල කුමාර කාලිංග මෙම ගහල තීන්දුවට හසු වූ ප්‍රවීණයෝය.පොත් ප්‍රකාශක සංගමයේ අවධානය පිණිසයි..”
2019 ස්වර්ණ පුස්තක දීර්ඝ ලැයිස්තුව පසුගිය ජූනි 14 වැනිදා නම් කළ අතර ඒවා නම්,
- මියුරු හඬ - තිරංජනි සුනේත්‍රා රාජකරුණානායක - විදර්ශන ප්‍රකාශන.
2. සප්න - ප්‍රියංකා අමරතුංග. - සරසවි ප්‍රකාශකයෝ.
3. සන්තිපරං - චම්මින්ද වෙළගෙදර - සුරස ප්‍රකාශකයෝ.
4. ගුම් - බටුවංගල රාහුල හිමි - සදීපා ප්‍රකාශකයෝ.
5. ධරණි - කත්‍යානා අමරසිංහ - සූරිය ප්‍රකාශකයෝ.
6. අව පෑලවිය - දීප්ති මංගලා රාජපක්ෂ. - ගොඩගේ ප්‍රකාශකයෝ.
7. මන්දාරම් උයන - දර්ශනා ශම්මි විජේතිලක. - සුසර ප්‍රකාශකයෝ.
8. වීනස්ගේ උපත - ශමෙල් ජයකොඩි. - සරසවි ප්‍රකාශකයෝ.
9. අදිසි නදිය - කපිල කුමාර කාලිංග - සුරස ප්‍රකාශකයෝ.
10. මා - චූලාභය ශාන්ත කුමාර හේරත්. - සුරස ප්‍රකාශකයෝ.
11. පුළිඟු - ශාන්තී දිසානායක. - සරසවි ප්‍රකාශකයෝ.
12. මලබාර් නෑයෝ - ප්‍රේමකීර්ති රණතුංග. - දයාවංශ ජයකොඩි සමාගම.