“දැවෙන විහඟුන්” නැවත ප්රදර්ශනයට
පසුගියදා නිමාව දුටු දෙරණ සිනමා සම්මාන උළෙලේ ප්රමුඛතම සම්මාන 5ක් සහ සාක් සිනමා සම්මාන උළෙලේ සම්මාන ද්විත්වයක් දිනා ගත් සංජිව පුෂ්පකුමාරගේ “දැවෙන විහඟුන්” සිනමාපටයේ Director’s cut පිටපත ප්රේක්ෂක ඉල්ලීම මත යලිත් ප්රදර්ශනය කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව ජූලි 12 වැනිදා සිට පහත දැක්වෙන පරිදි සීමිත සිනමාහල් කිහිපයක මෙම චිත්රපටය තිරගත කෙරෙනු ඇත.
සැවෝයි ප්රිමියර් පස්වරු 4.15 ට
ලිඩෝ බොරැල්ල දිනපතා පස්වරු 4.15, සිකුරාදා සෙනසුරාදා සහ ඉරිදා දිනවල පස්වරු 4.15 සහ පස්වරු 7 ට
රීගල් පස්වරු 2 ට
දැවෙන විහඟුන් චිත්රපටය ඇමරිකාවේ පැවැත්වුණු ඒෂියන් වර්ල්ඩ් සිනමා උළෙලේ හොඳම නිළියට (අනෝමා ජනාදරී) හිමි සම්මානයත්, ජපානයේ 17 වන ටෝකියෝ ෆිල්ම්එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේ දී (17th Tokyo FILMeX International Film Festival) ජුරියේ සුවිශේෂ සම්මානය (Special Jury Prize / දෙවන ස්ථානය), 15වන ජිනිවා අන්තර්ජාතික මානව හිමිකම් සිනමා (International Film Festival and Forum on Human Rights, Geneva) උළෙලේදී හොඳම චිත්රපයට සඳහා සම්මානය මෙන්ම තරුණ ජුරි සම්මානයද දිනාගත්තේය.
බූසාන් අන්තර්ජාතික සිනමා උළෙල වැනි ලොව ප්රමුඛ පෙලේ සිනමා උළෙල කිහිපයක් සඳහා නිර්දේශ ලත් දැවෙන විහඟුන් චිත්රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්රපටයයි.