මානය මංගල දැක්ම දා...
අපේ කම රකින, අපේ දේ අගයන , අපේම සිනමා නිර්මාණයක් යන්න තේමා කර ගනිමින් තිරගත වීම ආරම්භ කළ මානය චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගිය දා කොළඹ රීගල් සිනමාශාලාවේදී විශේෂ ආරාධිතයින් පිරිසක් මධ්‍යයේ පැවැත්විණ.
සිනෙස්ටා පදනමේ සභාපති ජයන්ත ධර්මදාස, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක, ප්‍රවීණ රංගනවේදී රවීන්ද්‍ර රන්දෙනිය , ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු , ක්ලීටස් මෙන්ඩිස් , ඇතුළු පිරිසක් ආරාධිතයින් අතර විය.
අංජු ධනංජයගේ කුළුඳුල් සිනමා කෘතිය වන මානය චිත්‍රපටය නිෂ්පාදනය කළේ රොෂාන් ඉන්දික රළපනාවයි. වසන්ත කුමාරවිල , උපේක්ෂා ස්වර්ණමාලි , හේමන්ත ඊරියගම, පවිත්‍රා වික්‍රමසිංහ , දිලීප් මනෝහර , සුමුදු අමල්ක , ඇතුළු පිරිසක් රංගනයෙන් දායකත්වය දක්වා ඇති අතර , සංගීත අධ්‍යක්ෂණයෙන් හා ගායනයෙන් නිලන්ත සිරි පතිරණ , වර්ණ සංකලනයෙන් ආනන්ද බණ්ඩාර , සංස්කරණයෙන් අනුර බණ්ඩාර , කැමරාකරණයෙන් ප්‍රසාද් දේවින්ද , කලා අධ්‍යක්ෂණයෙන් කසුන් මානවඩුගේ ද සහය වී ඇත. මෙය ඩයන් ෆිල්ම්ස් ඉදිරිපත් කිරීමකි.
සටහන - ඇන්ටන් ජේ. ප්‍රනාන්දු
ඡායාරූප - උජිත් දිල්හාන්
https://mirrorarts.lk/news/5532-maanaya-190722#sigProIde03ee1aeaa