ආචාර්ය ලෙස්ටර් ඡේම්ස් පීරිස්ගේ "රේඛාව" මෙන්ම මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ 'මනමේ' නාටකය පසුගියදා හැට වසර සනිටුහන් කරන ලදී. සිනමාව සහ වේදිකාව එසේ නොමැකෙන සලකුණු සනිටුහන් කරද්දී නවකතාව ද එවැනිම වූ ස්වර්ණමය සලකුණක් තැබීය. ඒ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ විරාගයයි "විරාගය" ද හැට වසරක් සම්පූර්ණ කළේය.
ශ්රීජයවර්ධනපුරවිශ්වවිද්යාලයේසිංහලසහ ජනසන්නිවේදන දෙපාර්තමේන්තුව 'විරාගය' වෙනුවෙන්සුවිශේෂීවැඩසටහනක්පසුගියදාසංවිධානයකරතිබිණි. "අරවින්දතටාගය" ලෙසනම්කරතිබූමෙමවැඩසටහනේදීතිස්සඅබේසේකරයන්හැදූ 'විරාගය' චිත්රපටයදඇගයීමටලක්විණි. මාර්ටින්වික්රමසිංහයන්ගේපුත්වෛද්යරංගවික්රමසිංහමහතාමෙහිප්රධානආරාධිතයාවිය.
මෙහිදී සුනන්ද මහේන්ද්‍ර මහතා වැඩිපුරම සාකච්ඡා කළේ මාර්ටින් වික්‍රමසිංහ මහතා සමඟ එතුමාගේ තිබූ සම්බන්ධතාවයය. මාර්ටින් වික්‍රමසිංහයන් විසින් භාවිත කරන ලද සුවිශේෂ සිංහල යෙදුම් සහිත වාක්‍ය කිහිපයකින් නිර්දේශ ගෙන දෙමින් එතුමා වික්‍රමසිංහයන් තුළ තිබූ අනන්‍යතාව ඔප්පු කළේය. එමෙන්ම එම වකවානුවේ (1960) සිට අනෙකුත් ප්‍රාඥයන්ට වඩා අනාගතය දෙස විමලිසිමත්ව බැලීමටත් ඒ පිළිබඳ යම් යම් දේවල්, අනාවැකි සේ ප්‍රකාශ කිරීමට වික්‍රමසිංහයන් තුළ තිබූ සහජ හැකියාව පිළිබඳ පහදා දුන්නේය.
ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ විග්‍රහය තුළ වූයේ අරවින්ද චරිතය පිළිබඳ ඔහු දකින ආකාරයයි. අරවින්දට අනුකම්පා කරනවාට වඩා අරවින්ද ගැන කනගාටුවී තමන් කම්පා වනවාට වඩා අරවින්දව තේරුම් ගැනීමේ උත්සාහයක නිරත වන ලෙස ඔහු විද්‍යාර්ථින්ගෙන් ඉල්ලා සිටියේය.
සනත් ගුණතිලකයන්ගේ කතාවේ ගැබ්ව තිබුණු ප්‍රධානම දේ නම්, අද දවසේ කිසිවකුට අරවින්ද කෙනෙක් වීමට නොහැකි වීමත් අරවින්ද ලෙස සිතීමටවත් සුදුසු වාතාවරණයක අප ජීවත් නොවන බව විස්තර කළ එතුමා අවම වශයෙන් අරවින්දගේ චින්තනය එසේත් නොමැති නම් අරවින්ද යමක් පිළිබඳව සිතූ අන්දම නිවැරදි යෑයි මේ සමාජය විශ්වාස කරන්නේ නම් හෙට දවස මීටත් වඩා යහපත් වන බව ඔහුගේ තර්කය විය.
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි (සබරගමුව විශ්වවිද්‍යාලය) සහ ආචාර්ය දර්ශන රත්නායක (කැලණිය විශ්වවිද්‍යාලය) යන දෙදෙනාම ප්‍රකාශකර සිටියේ 60 වසරක් පිරීම සම්බන්ධයෙන් රේඛාව සහ මනමේ විසින් සිනමාවට සහ නාට්‍යයට කරන ලද උඩුයටිකුරු විප්ලවය ඒ හා සමානවම වැදගත් කමකින් විරාගය ග්‍රන්ථය විසින් නොනැසී පවතින ලෙස ඉදිරිපත් කළ බව අප අමතක නොකළ යුතු බවයි. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අංශයේ ප්‍රධානියා වූ සෙනෙවි හරිස්චන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් මේ උළෙල සංවිධානය වී තිබිණි.