උදයකාන්ත නමින් පෙනී සිටින සල්ලාලයකු ගැන හෙළි වෙයි
සිය නම සහ ඡායාරූප සමාජ ජාලා ඔස්සේ භාවිත කරමින් තරුණියන් ඩැහැ ගැනීමේ කූට ජාවාරමක යෙදී සිටින පුද්ගලයකු ගැන තොරතුරු වාර්තා වී ඇති බව සිනමා අධ්යක්ෂ උදයකාන්ත වර්ණසුරිය පවසයි.
රඟපෑමට අවස්ථාව දෙන බව පවසා මෙම සල්ලාල පුද්ගලයා විසින් තරුණියන් මුලාකරවීමේ උත්සාහයක නිරත වී ඇති බවත් එබැවින් සිය නම යොදා ගනිමින් සමාජ ජාල ඔස්සේ ඇමතීමට උත්සහ ගන්නා කිසිවකු සමඟින් කතා කිරීමෙන් වළකින ලෙසත් වැඩිදුරටත් ඔහු දැනුම් දෙයි.