“රම්‍ය සාගරය දිගේ” සැරිසරන ගමන් “රතු බලකොටුව දිගේ” ඇවිද යන්න 21 BMICH එන්න
ප්‍රවීන මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි විසින් රචිත කෘති ද්විත්වයක් අගෝස්තු 21 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී දොරට වැඩීමට නියමිත ය.
ඔහුගේ නවතම සංචාරක සටහන් ඇතුලත් කෘතීන් වන්නේ සොඳුරු සැරිසර “රතු බලකොටුව දිගේ” සහ සොඳුරු සැරිසර “රම්‍ය සාගරය දිගේ” ය.
21 වැනිදා සවස 4 ට ලෝටස් ශාලාවේ දී ආරම්භ කෙරෙන එළිදැක්වීමේ උත්සවයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්, ආචාර්ය රෝහණ වීරසිංහ, දොස්තර ජයන්ත බලවර්ධන, බිම්සරා ප්‍රේමරත්න, රංජන් පෙරේරා, චන්දන තිලකරත්න, සුරේෂ් මාලියද්ද, උරේෂා රවිහාරි සහ සඳුනි විජේතුංග ප්‍රධාන ආරාධිතයින් ලෙස එක්වනු ඇත.
සොඳුරු සැරිසර “රම්‍ය සාගරය දිගේ” කෘතිය ඉන්දියාව පදනම් කරගනිමින් ලියැවී ඇති අතර “රතු බලකොටුව දිගේ ජපානය පිළිබඳ ඔහු ලියන ලද දෙවැනි ග්‍රන්ථය වේ.
එදිනට පැමිණෙන මෙන් ඔබටත් ආරාධනා!!