ඩබ්. ජයසිරි සහ ලක්ෂ්මන් මෙන්ඩිස් සුදර්ශියේ මුල් පුටුවලට
සිංහල සංස්කෘතික ආයතනය නොහොත් සුදර්ශියේ නව සභාපති ධුරය රංගනවේදී ඩබ්. ජයසිරිට සහ ලේකම් ධුරය රංගනවේදී ලක්ෂ්මන් මෙන්ඩිස්ට හිමිව තිබේ.
ඊයේ (14) පැවති වාර්ෂික නිළ වරණයේ වැඩි ඡන්දයෙන් ඔවුන් දෙදෙනා තේරී පත්වුණි.
අභිනව සභාපති සහ ලේකම් අදහස් දක්වමින් කියා සිටියේ වසර ගණනාවක පටන් කලාකරුවන් පරිහරණය කළ මේ භුමියේ අයිතිය නැවත කලාකරුවන්ට ලබාගැනීම ඇතුළු විශාල වැඩපිළිවෙලක් ඉදිරියේ දී සිදු කිරීමට කතිකා කරගෙන ඇති බව යි.
සුදර්ශියේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් රංගනවේදී ඩබ්.ජයසිරි මෙලෙස සිය අදහස් දක්වා තිබුණි,
“සුදර්ශිය ස්ථානගත වූ භුමිය කලාකරුවන්ගේ අයිතියක් බවට පත් කිරීම අපේ මූලික අරමුණ. පහුගිය අවුරුදු 54ක් තිස්සේ සාමාන්‍ය දුප්පත් පන්තියේ කලාකරුවෝ තමයි මේ ස්ථානය පරිහරණය කළේ. ඒ නිසා අපේ මූලික අරමුණ වන්නේ මේ භුමියේ අයිතිය කලාකරුවන්ට ලබාගැනීම. කලාකරුවන්ට අයිතිය ලබාගත්තට පස්සේ කලාව සම්බන්ධයෙන් සිදු කළ හැකි අනිකුත් කාර්යය ගැන ඉන්පසුව කතා කරන්න පුළුවන්.”