ගංගා සුදුවැලිකන්දගෙන් “ම’සිත් හසර එක්තරා නුහුරුවක”, ළඟදීම...
නොබෙල් සාහිත ත්‍යාගයෙන් පිදුම් ලත් තුර්කි කතුවර ඔර්හාන් පමුක්ගේ A Strangeness in My Mind නවකතාව “ම’සිත් හසර එක්තරා නුහුරුවක” නමින් ගංගා සුදුවැලිකන්ද විසින් සිංහලයට නඟා තිබේ.
මෙම පරිවර්තනය විදර්ශනය ප්රකාශනයක් ලෙස එළඹෙන සැප්තැම්බරයේ දී එළිදැකීමට නියමිත බව වාර්තා වන අතර එය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පාඨක ඔබට මිලදී ගැනීමට අවස්ථාව සැලසේ.
2014 දී මුලින්ම Kafamda Bir Tuhaflik නමින් තුර්කි බසින් ලියවුණු A Strangeness in My Mind ඔහුගේ 9 වැනි නවකතාව යි.