කලාකරුවන් 32 සමඟින් 32 වැනි ජෝති සැමරුම් ප්‍රසංගය ‘‘ජෝති ගැයූ ගී සිනමාවට’’ 24 දා
ටෙලි සිනමා කලා සංසදයේ නිර්මාතෘ චිත්‍රපට අධ්‍යක්ෂක දිනේෂ් පි‍්‍රයසාද් සහ ජෝති හිතෛෂී නිශාන්තා කුමාර වසරක් පසා පවත්වනු ලබන ‘‘ජෝති ගැයූ ගී සිනමාවට’’ ප්‍රසංගය මෙවරද මහරගම යොවුන් රඟහලේදී ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිතය.
නොමිලයේ පවත්වන මෙම මහා උපහාර - සංගීත - සම්මාන රාති‍්‍රය වෙනුවෙන් ජනපි‍්‍රය මෙන්ම විශිෂ්ට ගනයේ කලාකරුවන් රැසක් සහභාගී වීමට නියමිතය. ආචාර්ය රවින්ද්‍ර රන්දෙණිය, රොජර් සෙනෙවිරත්න, චන්න පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, රොඩ්නි වර්ණකුල, ටෝනි හසන්, මුතු තරංගා, ක්ලීටස් මෙන්ඩිස්, සාරංග දිසාසේකර, සුපි‍්‍රයා අබේසේකර, උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි පි‍්‍රයසාද්, අමල් එදිරිමාන්න, ශේෂාද්‍රී පි‍්‍රයසාද්, වෝල්ටර් ප්‍රනාන්දු, ඉමල් ජූඩ්, අමිලා නදීශානි, උපසේන සුභසිංහ, ශනුද්‍රී පි‍්‍රයසාද්, සජිත ඇන්තනී, වජිර එදිරිමාන්න, චමිලා තුෂාරි, විශ්ව කොඩිකාර, සූදේශ් වසන්ත පීරිස්, යශෝදරි එදිරිමාන්න, ඒ.කේ. සූරේෂ්, කාංචනා පීරිස්, දුල්ෂාරා සසන්ති, සෙමීරා හසන් සහ කුද්සි අහමඩ් ඇතුළු කලාකරුවන් 32ක් 32 වෙනි ජෝති සැමරුම වෙනුවෙන් ජෝති ගීත 32 ක් ගයනු ඇත.
එදත් සූරයා අදත් සූරයා, සිරීල් මල්ලී, සංගීතා, සදහටම ඔබ මගේ, හිතහොඳ මිනිහෙක්, ඔබටයි පි‍්‍රයේ ආදරේ, රත්රන් අම්මා, හොඳම වෙලාව, මිනිසුන් අතර මිනිහෙක්, දෙයියන්නෙ රටේ, ලොකුම හිනාව, සුනේත්‍රා, අංජානා, ශාන්තී, ජය අපටයි, දහකින් එකෙක්, මේ දෑස කුමටද, අද මෙහෙමයි, ආවා සොයා ආදරේ, තුෂාරා, කස්තුරි සුවඳ, කවුද රජා, ඔන්න බබෝ බිල්ලො එනවා, ලසඳා, සිනාවයි ඉනාවයි, හිත මිතුරා, චන්ඩි පුතා සහ හතර දෙනාම සූරයෝ යන අතිශය ජනපි‍්‍රයත්වයට පත් වූ චිත්‍රපට 28කින් මෙවර ප්‍රසංගය සඳහා ජෝති ගීත 32 ක් උපුටා ගෙන තිබේ. යූත් එක්ස්ට්‍රීම් සංගීත වෘන්දය මෙහෙයවමින්, සංගීත අධ්‍යක්ෂණය කරන්නේ විශාරද නුවන් සමරසිංහ විසිනි. මෙවරද - ජෝති වෙනුවෙන් ලාංකේය කලා ක්ෂේත්රයේ කලාකරුවන් 07 දෙනෙකු ලෝකඩ සම්මානයෙන් සහ මුදල් සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.
සරසවිය