ලෝකයේ පැවැත්ම යනු සත්ව හා ශාකයන්ගේ පැවැත්මයි. සංසර්ගය, නැතහොත් සංසේවනය හේතුකොට ගෙන විශ්ව පරිනාමය සිදු වෙමින් පවති.
ලිංගිකත්වය නැමති අතිශය ස්වාභාවික කාරණාව සංස්කෘතිකව කුණුහරුපයක් කරගත්තාවු වත්මන් ලාංකික ජන සමාජය තුළ
ස්ත්‍රී දුෂණ, ලිංගික අපචාර දිනපතා සිදුවන සුලභ පුවතක් වීමේ ඛේදවාචකය පිළිබදව විමසා බැලීම 28 අරමුණ වුනාය කියන පණිවිඩය තමයි චිත්‍රපටයේ අපි දැක්කේ.
මේ 28 චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව හොබවන සේමිණි ඉද්දමල්ගොඩ ඒ ගැන මිරර් ආර්ට්ස් වෙත කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.
‘මේක රූගත කිරීම් සිදුකරලා දැනට අවුරුදු තුනක් පමණ වෙනවා මම මෙහි නිරූපණය කරන්නේ “සුද්දී” කියන චරිතය ඇය මියගිය කාන්තාවක් ජීවත් වෙලා ඉන්න ගැහැණියකට කියන්න බැරි දේවල් මේ මියගිය ගැහැණිය කතා කරනවා.
අපේ රටේ නිරන්තරයෙන් දකින්නට ලැබෙන ගැහැණුන්ට විඳින්න සිදුවන කාරණාවක ගැනයි 28 දිග හැරෙන්නේ.
ඒ වගේම මේ චිත්‍රපටය වැඩිහිටියන් අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්‍රපටයක්. එය සියලුම වැඩිහිටියන්ට නරඹන්න කියලා මම ආරාධනා කරනවා.’
“අපේ රටේ තමන් ගැන ඇත්ත කියන්න පණ තියෙන මනුස්සයෙකුට බැහැ. හැබැයි මම ඇත්තමයි කියන්නේ”.
සේමිණි ඉද්දමල්ගොඩ, රුක්මල් නිරෝෂ්, සරත් කොතලාවල, මහේන්ද්‍ර පෙරේරා රංඟනයෙන් දායක වන 28 ප්‍රසන්න ජයකොඩිගේ සිනමා නිර්මාණයක්.