අසූව දශකයේදී ලොව පුරා ඉතා ජනප්රිය ගීතයක් වූ "ලම්බාඩා" ගීතය ගැයූ බ්රසීල ජාතික ලොල්වා බ්රාස් ( ) මියගොස් සිටියදී සොයාගෙන ඇත.
63 හැවිරිදි ලොල්වාගේ මළසිරුර බ්රසිලයේ සැක්වරීමා (Saquarema) ප්රදේශයේ පිහිටි ඇයගේ නිවෙස ආසන්නයේ මෝටර් රථයක තිබී සොයාගෙන තිබේ.
ලොල්වාගේ මළසිරුර පිලිස්සීමට ලක්වී තිබීම හේතුවෙන් පොලිසිය විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුව එම මළසිරුර ලොල්වාගේ බව පොලිසිය සනාථ කරගෙන ඇත.
එහෙත් ඇයගේ මරණය සිදුවූ ආකාරය පිළිබඳ නිවැරදි තොරතුරක් අනාවරණය කරගෙන නොමැත.
1989 දි කයෝමා (Kaoma) සංගීත කණ්ඩායම සමඟ එළිදැක්වූ "ලම්බාඩා" (Lambada) ගීතය පෘතුගීසි භාෂාවෙන් ගයන ලද අතර එම ගීතය ඇතුළත් ගීත ඇල්බමයේ පිටපත් මිලියනකට වඩා ලොව පුරා අලෙවි වී ඇත.