ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට බටහිර මාධ්‍යයේ කතා මවන චරිතයක්. මේ දිනවල හොලිවුඩ් මාධ්‍යය වැඩි වැඩියෙන් ට්‍රම්ප් ගැන උනන්දු වන්නේ ඔහු හදිසියේ නිකුත් කළ විසා තහනම් නියෝග නිසා ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී වීමට නියමිත ඇමරිකාවෙන් පිටත සිටින නිර්මාණ ශිල්පීන් පවා දැඩි අපහසුතාවයට පත්වී සිටින නිසයි.
කලාව විශ්ව ව්‍යාප්ත මාධ්‍යයක් කියන විට අනික් පසෙන් ප්‍රශ්න කරන්නට සිද්ධවන්නේ, කලාකරුවන්ට ආණ්ඩුවේ සීමාවන් අතික්‍රමණය කර ඕනෑම ස්ථානයකට ගොස් සිය කලා කෘති වෙනුවෙන් පෙනී සිටින්නට හැකියාව පවතිනවාද ? යන්නයි.
ඔස්කාර් සම්මානලාභී ඉරාන සිනමා අධ්යක්ෂ Asghar Farhadi එළඹෙන පෙබරවාරි 26 වැනිදා පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන සඳහා නිර්දේශ වී සිටියි. නමුත්, පසුගියදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත්කර තිබෙන සුවිශේෂී විධාන යටතේ මුස්ලිම් රටවල් හතක පුරවැසියන්ට ඇමරිකාවට පිවිසීම තහනම් කර ඇත.
Farhadiගේ The Salesman සිනමාපටය තුළ දිගහැරෙන්නේ ආතර් මිලර්ගේ Death of a Salesman නාට්‍යය රඟදැක්වීමට සූදානම් වන යුවළක් හා ඔවුන්ගේ ජීවිත එහිදී පරීක්ෂාවට ලක්කෙරෙන අයුරුය. කතා නායකයා වන අලෙවිකරුවා Death of a Salesman නාට්‍යයයේ ප්‍රධාන චරිත වලට පණ පොවන Emad හා Ranaගේ කතාව කියා සිටියි. මීට පෙර වෛශ්‍යා වෘත්තියේ යෙදුණු කාන්තාවකගේ නිවසක පදිංචියට යව අතර එහිදී ඔවුන්ගේ ජීවිතයට එල්ල වන අභියෝග මෙහිදී විවරණය කර ඇත.
2016 කෑන්ස් සිනමා උළෙලේදී මේ සිනමාපටය උදෙසා Shahab Hosseini හොඳම රංගන ශිල්පියාට හිමි සම්මානය හා Farhadi හොඳම තිර රචනයට හිමි සම්මානය මේ සිනමාපටය උදෙසා හිමිකරගත්තේය. මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී විදෙස් භාෂාවෙන් නිර්මාණය වී තිබෙන හොඳම චිත්‍රපටය වෙනුවෙන් තරඟ කරයි.
මීට පෙර 2012 වසරේදී Farhadi විසින් A Separation සිනමාපටය ඇකඩමි සම්මාන උළෙලේදී විදෙස් භාෂාවෙන් නිර්මාණය වූ විශිෂ්ඨතම සිනමාපටය වෙනුවෙන් වූ සම්මානය හිමිකරගත්තේය. එම වසරේදීම
‘ටයිම්‘ සඟරාව මගින් සමාජය කෙරෙහි දැඩි පෙළඹීමක් ඇතිකළ හැකි පුද්ගලයන් 100 අතරට ද ඔහුගේ නම එක්කෙරුණි.
වොෂිංටනයේ පිහිටි National Iranian American Council යේ අධ්යක්ෂ වන Trita Parsi පසුගිය සෙනසුරාදා (ජනවාරි 28) දින සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියේ එළඹෙන පෙබරවාරියේදී Farhadiට සිය සිනමාපටය නියෝජනය කරමින් ඇකඩමි සම්මාන උළෙලට සහභාගී වීමට ඇමරිකාවට පැමිණීමට නොහැකි වනු ඇති බවයි.
The New York Times සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ද Parsi මේ පිළිබඳ සඳහන්කර තිබුණේය. Farhadi සමග තවමත් ඔහු මේ පිළිබඳ සෘජුව කතාකර නොතිබුණ ද ඔහු ඔස්කාර් සම්මාන උළෙලට සහභාගී නොවනු ඇති බව පැවසුවේය. මේ අතරතුර ඔස්කාර් සම්මාන උළෙලේ සංවිධායකවරුන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තහනම ‘අති බලවත්ව‘ බලපාන බවයි.
‘ලොව පුරා සිටින ප්‍රේක්ෂකයින්ගේ හදවත් වලට ආමන්ත්‍රණය කරමින් සිනමා නිර්මාණයේ නව හැඩයන් හා ජයග්රහණයන් ඇකඩම් සම්මාන උළෙලේදී සොයායනවා. මෙහිදී ජාතිකත්වය, ජනවර්ගය හෝ ආගමික වෙනස්කම් ආදී සාධක කිසිවක් කිසිසේත්ම අදාළ වන්නේ නැහැ.
ලොව පුරා සිටින සියලුම මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සිනමාවට සහය දක්වන පිරිස් ලෙස අප විශේෂයෙන් අවධානය යොමුකරනවා. ඔස්කාර් සම්මාන ලැබූ A Separation ඉරාන සිනමාපටයේ අධ්යක්ෂ වන Asghar Farhadi හා ඔහුගේ කණ්ඩායමේ පිරිස් සිනමාපටය වෙනුවෙන් මෙවර ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී සිටිනවා. නමුත්, ඔවුන්ගේ ආගම හෝ ඔවුන් ඉපදුණු, හැදී වැඩුණු රටවල් හේතුවෙන් මෙවර ඔස්කාර් සම්මාන උළෙලට පිවිසීමට ද බාධාවක් විය හැකියි‘ යන්නයි.
පසුගිය සිකුරාදා දින ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ආඥාවක් නිකුත් කරමින් ඉරානය, ඉරාකය, ලිබියාව, සූඩානය, සිරියාව හා ලෙබනනය යන රටවලින් ඇමරිකාවට පැමිණෙන පිරිස් වලට දින 90 ක තහනමක් නිකුත් කළා. පසුගිය සෙනසුරාදා දින (ජනවාරි 28) ධවල මන්දිර බලධාරීන් නිවේදනය කර සිටියේ ඇමරිකන් ග්‍රීන් කාඩ්පත් හිමිකරුවන් නැවත සිය අයදුම්පත් යොමුකළ යුතු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින අදාළ නිවේදනය නිකුත් කිරීමට සූදානම් බව පවසන විට The Salesman හි රංගනයෙන් දායක වන Taraneh Alidoosti සිය සමාජ ජාල අඩවියේ සටහනක් තබමින් පැවසුවේ ඇය ඔස්කාර් සම්මාන උළෙල වර්ජනය කිරීමට සූදානම් බවයි.
‘ඉරාන සිනමා නිර්මාණකරුවන් අක්‍රිය පිරිසක් නොවෙයි. නිර්මාණාත්මක ප්රකාශනය ඔවුන්ට මහමෙරක් මෙන් දැනෙන නිසා හැකි හැමවිටම ඔවුන් සටන් කරනවා. මේ නිර්මාණාත්මක ප්රකාශනයන්ට ඉරානයේ තිබෙන සීමාකම් හා වාරණයන් බ්‍රිතාන්‍යයේ තිබෙන කාලගුණික තත්ත්වය වගෙයි. එක දවසකදී හොඳට හිරු පායනවා. ඊළඟ දවසේ වහිනවා. ඉර එළියට බහිද්දි බලාපොරොත්තුවක් පමණක් තබාගැනීම ප්‍රමාණවත්‘Asghar Farhadi
පරිවර්ථනය වින්ද්‍යා ගම්ලත්