සන්නාගේ අලුත් අරගලයට ආචාර කරනු වස් “නයිට් රයිඩර්” හෙට රෝයල් තැප්‍රොබේන් එකට
කසුන් චන්ද්‍රනාත් පතිරණගේ නවතම සිනමා නිර්මාණය “නයිට් රයිඩර්” හි විශේෂ දර්ශන වාරයක් රෝයල් තැප්‍රොබේන් පොත් පලසට සමගාමිව පැවැත්වීමට නියමිත ය.
ඒ අනුව චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන්නේ හෙට (21) රාත්‍රී 7 ට විජේරාම රෝයල් තැප්‍රොබේන් අවකාශයේ දී ය.
කසුන් චන්ද්‍රනාත් පතිරණ සහ කේ.කේ. ශ්‍රීනාත්ගේ තිර රචනයක් අනුව නිර්මාණය කොට ඇති මෙම චිත්‍රපටයේ චරිතවලට කළණ ගුණසේකර, යුරේනි නොෂිකා, ඩබ්. ජයසිරි, බිමල් ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර, අරුණි මෙන්ඩිස් පණ පොවති.
“ "නයිට් රයිඩර්" චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරයක් රෝයල් තැබ්රොබේනියන් පොත් පලසට සමගාමීව හෙට දින (21) සවස 7ට තැබ්රොබේනියන් පරිශ්‍රයේ දී තිරගත කෙරෙනු ඇත. වාරණයන්, තහනම් කිරීම්, යටපත් කර දැමීම් සියල්ලම හමුවේ ටයිටේනියම් කශේරුකාවකින් නැගී සිට, හැකි සෑම වැර යොදා නිර්මාණාත්මක අයිතිය වෙනුවෙන් සටන් වැදි, මුලින් උදුරා දැමුව ද තමන්ගේම සරු බිමක දළු ලන, උපුල් ශාන්ත සන්නස්ගල නොහොත් ආදරණීය සන්නාගේ අලුත් අරගලයට නයිට් රයිඩර් කණ්ඩායමේ ආචාරයක් ලෙස නයිට් රයිඩර් තැබ්රොබේනියන් අවකාශය පුරා සරනු ඇත.
චිත්‍රපට දර්ශනය හරියටම සවස 7ට ආරම්භ වනු ඇත. ඉඩ කඩ සීමිත ය. කලින්ම ආවොත් පොත් පලසේ පහස ද විඳ, 70%ක් දක්වා වට්ටම් සහිතව ඇති තරම් පොත් මිලට ගෙන නයිට් රයිඩර් ද රසවිඳිය හැක.
සවස 7 සිට චිත්‍රපට දර්ශනය අවසන් වන තුරු නරඹන්නන්ගේ පහසුව පිනිස තැබ්‍රොබේන් දොරටු වසා දැමෙනු ඇත. ඒ නිසා කලින් එන තරමට ඇගට ගුණ ය.”- කසුන් චන්ද්‍රනාත් පතිරණ