ජාතික ජන බලවේගයේ කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්තිය එළිදැක්වේ
“බහුභාෂී සහෘද වැඩබිමක් නව සංස්කෘතික මිනිසෙක්” නමින් ජාතික ජන බලවේගයේ කලාව හා සංස්කෘතිය පිළිබඳ ප්‍රතිපත්තිය එළිදැක්වීම ඊයේ (20) වෝටස් ඒජ් හිදී සිදු කෙරුණි.
ඒ ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
සම්මානිත ප්‍රවීන රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ, සම්මානිත ලේඛක ජයතිලක කම්මැල්ලවීර, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, ආචාර්ය මයිකල් ප්‍රනාන්දු, ප්‍රවීන නාට්‍යවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක, සම්මානිත රංගන ශිල්පිනී කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රවීන සාහිත්‍යවේදී සුදාරාජ් රාජසිංහම්, සම්මානිත රංගන ශිල්පිනී චාන්දනී සෙනෙවිරත්න, කථිකාචාර්ය සම්මානිත රංගන ශිල්පී සෞම්‍ය ලියනගේ, සම්මානිත සිනමාවේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විසාකේස චන්ද්‍රසේකරම්, සම්මානිත සංගීතවේදී නදීක ගුරුගේ, කථිකාචාර්ය ප්‍රවීන සිනමාවේදී සෙනේෂ් දිසානායක, සාහිත්‍යවේදී කෞෂල්‍ය කුමාරසිංහ, සම්මානිත රංගනශිල්පී කමල් අද්දරආරච්චි ඇතුළු කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටිය හ.
ඡායා: උපුටා ගැන්මකි
https://mirrorarts.lk/news/5925-jjb-191021#sigProIdf8f6aa4c1b