“ස්වයංජාත” නවකතාවේ කතුවර සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වෙයි
රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රවීන ලේඛක සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 78 හැවිරිදි වියේ පසුවූ ඔහු මෙරට සාහිත්‍ය ක්ෂේත්රයට නවකතා, කෙටිකතා ඇතුළු විශිෂ්ට ගණයේ නිර්මාණ රැසක් දායාද කළ ලේඛකයෙ කි.
සමරවීර විජයසිංහගේ සිව්වැනි නවකතාව වන “ස්වයංජාත” 2009 පළමු ස්වර්ණ පුස්තක සම්මානය දිනා ගත්තේ ය. භවතුරු යට, වැස්ස වලාහක, කෙලෙස් පර්වත ඔහු ලියූ නවකතා අතුරින් කිහිපයකි.
බේරුවල, අඹේපිටිය පිහිටි අංක 63 B දරන නිවසේ එතුමාගේ මෘතදේහය තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු 6 බදාදා සවස 4ට අලුත්ගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.