“නිදහසේ 16” රයිගම් ටෙලීස් සම්මාන උලෙළට අයැදුම්පත් බාර ගැනේ
16 වැනි වතාවටත් පවත්වනු ලබන ‘රයිගම් ටෙලීස්’ සම්මාන උලෙළ 2020 මාර්තු මස 21 වැනි දින සවස නෙළුම් පොකුණ රඟහලේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් වෙමින් පවතී.
රයිගම් ටෙලීස් උලෙළේ මෙවර තේමාව “නිදහසේ 16” යන්නයි. සුපුරුදු පරිදි මෙවරත් ජනප්‍රියතම ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය ප්‍රේක්ෂක මනාපයෙන් තීරණය කරනු ඇත. ප්‍රේක්ෂක සිත්ගත් ටෙලි නාට්‍ය නළුවා සහ නිළිය ජයග්‍රහණය කරවීම සඳහා SMS කෙටි පණිවුඩ එවිය හැකි ය.
2020 පෙබරවාරි 28 වැනි දින සිට මාර්තු මස 20 මධ්‍යම රාත්‍රිය දක්වා මෙම SMS මත විමසුම විවෘතව පවතී. මත විමසුමට සහභාගි වන ප්‍රේක්ෂකයන් අතරින් 25 දෙනකුට උලෙළ නැරඹීම සඳහා අවස්ථාව හිමිවෙනු ඇත.
සම්මාන උලෙළේ දී ටෙලි නාට්‍ය අංශයේ වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනා ගන්නා නාලිකාව වසරේ ටෙලි නාට්‍ය නාලිකාව ලෙස ද අනෙකුත් මාධ්‍ය වැඩසටහන් සඳහා වැඩිම සම්මාන ගණනක් දිනා ගන්නා නාලිකාව වසරේ රූපවාහිනි මාධ්‍ය නාලිකාව ලෙස සම්මානයට පාත්‍ර වනු ඇත.
මෙවර රයිගම් ටෙලීස් උලෙළේ විනිශ්චය මණ්ඩලයේ සභාපතිත්වය දරනුයේ සම්මානලාභී සාහිත්‍යවේදී බුද්ධදාස ගලප්පත්ති මහතා ය. මහාචාර්ය ආරියරත්න කලුආරච්චි, සම්මානනීය සංස්කරණ ශිල්පි රවින්ද්‍ර ගුරුගේ, සම්මානනීය කැමරා ශිල්පී ජයනාත් ගුණවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනි හංසමාලා රිටිගහපොල, සාහිත්‍යවේදිනී ජයන්තා රුක්මනී ජයවර්ධන, ප්‍රවීන සංගීත අධ්යක්ෂ රංග දිසානායක, පුවත්පත් කලාවේදී සරසවිය කර්තෘ අරුණ ගුණරත්න, මහාචාර්ය අජන්තා හපුආරච්චි, විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයෝ වෙති.
දමිළ මාධ්‍ය සම්බන්ධ විශේෂ උපදේශකයකු ද විනිශ්චය මණ්ඩලයට ඇතුළත්වනු ඇත.
2019 වර්ෂය තුළදී අවසාන කොටස විකාශනය කළ දේශීය ටෙලි නාට්‍ය සම්මාන උලෙළ සඳහා සුදුසුකම් ලබනු ඇත. වැඩසටහන් ඉදිරිපත් කිරීම සහ නිවේදක නිවේදිකා අංශය සඳහා අදාළ නාලිකාව මඟින් හෝ තනිව අයදුම් කළ හැකි ය.
රයිගම් ටෙලීස් උලෙළ සඳහා අයැදුම්පත් සහ නිර්මාණ බාරගැනීම දැන් ආරම්භ වී ඇත. අවසන් දිනය ජනවාරි 15දා ය. අපේක්ෂක නිර්මාණකරුවන්ට 070 -7061976 හෝ 070-7061508 අංක මගින් රයිගම් ටෙලීස් ලේකම් කාර්යාලය අමතා විස්තර ලබාගත හැකි ය.
මෙවර රයිගම් ටෙලීස් උලෙළේ සහයෝගිතා හවුල්කරු වනුයේ සම්පත් බැංකුව යි. මොබිටෙල් ආයතනය නිර්දේශිත නාම යෝජනා උලෙළේ ප්‍රධාන දායකත්වය ලබාදෙන අතර සම්මාන උලෙළේ ජංගම සන්නිවේදන සහකරු ලෙස ද කටයුතු කර යි.
මව්බිම