වජිරා චිත්‍රසේන- ඉන්ද්‍රා දසනායක පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබ යි
සිය ක්ෂේත්රයන් උදෙසා ලබාදුන් පුරෝගාමී දායකත්වය සහ ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීම උදෙසා දැක්වූ දායකත්වය වෙනුවෙන් දේශබන්ධු ආචාර්ය වජිරා චිත්‍රසේන සහ නැසීගිය මහාචාර්ය ඉන්ද්‍රා දසනායක වෙත පද්ම ශ්‍රී සම්මානය පිරිනැමීමට ඉන්දීය රජය තීරණය කර තිබේ.
ඉන්දීය රජය විසින් වාර්ෂිකව පිරිනමන ඉහලම සිවිල් සම්මාන අතුරින් එකක් ලෙස සැලකෙන පද්ම සම්මාන පද්ම විභුෂන්, පද්ම භුෂන් සහ පද්ම ශ්‍රී යන කාණ්ඩ තුනක් යටතේ පිරිනැමේ. සම්මාන සඳහා යෝජිත නාම ලේඛනය එළිදැක්වෙන්නේ ජනවාරි 26 වැනිදාට යෙදී ඇති ඉන්දීය ජනරජ දිනයේ දී ය.
පද්ම සම්මාන කමිටුවේ නිර්දේශ මත පද්ම සම්මාන 141 මේවසරේ දී පිරිනැමීමට ජනපති අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව පද්ම විභුෂන් සම්මාන 7ක්, පද්ම භුෂන් සම්මාන 16ක් සහ පද්ම ශ්‍රී සම්මාන 118ක් මෙවර පිරිනැමීමට නියමිත ය.
සම්මාන ප්රදානෝත්සවය එළඹෙන මාර්තු හෝ අප්‍රේල් මස දී ඉන්දීය ජනපති ප්‍රධානත්වයෙන් රශ්ට්‍රපති භවන් හිදී පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කර යි.