කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයෙන් කෙටි චිත්‍රපට තරගයක්
කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් සංවිධාන කරනු ලබන කෙටි චිත්‍රපට තරගාවලියක් සඳහා අත්පිටපත් බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ස්ත්‍රීන් පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ඇති කෙරෙන අන්දමේ නිර්මාණාත්මක කෙටි චිත්‍රපට අත්පිටපත් මෙම තරගය සඳහා යොමු කළ යුතු අතර ඒවා උපරිම විනාඩි 2ක කාල සීමාවකට යටත් විය යුතු ය.
ගෙදර වැඩත් වැඩ සහ වැටුප් නොලබා ස්ත්‍රිය කරන සුරැකුම් වැඩවල වටිනාකම යන තේමාවන්ට අදාලව අත්පිටපත් සිංහල, දෙමල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් යොමු කළ හැකි ය.
කෙටි චිත්‍රපට තරගය සඳහා තෝරාගන්නා නිර්මාණකරුවන්ට පිටපත් රචනය සහ නිෂ්පාදනය පිළිබඳ දෙදින පුහුණුවක් නොමිලේ ලබාදීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
හොඳම කෙටි චිත්‍රපට පිටපත් තුන සඳහා පළමුවැනි ස්ථානයට රුපියල් හතලිස් දහසක්, දෙවැනි ස්ථානයට රුපියල් තිස් දහසක්, තුන්වැනි ස්ථානයට රුපියල් විසිපන් දහසක් පිරිනැමෙන අතර හොඳම පිටපත් අතුරින් නිෂ්පාදනය කෙරෙන කෙටි චිත්‍රපට සඳහා පළමුවැනි ස්ථානයට රුපියල් ලක්ෂයක්, දෙවැනි ස්ථානයට රුපියල් හැත්තෑපන් දහසක් සහ තුන්වැනි ස්ථානයට රුපියල් පනස්දහසක් බැගින් පිරිනැමීමට නියමිත ය.
පෙබරවාරි 20 වැනිදාට පෙර අත්පිටපත් යොමු කළ යුතු වේ.
වැඩි විස්තර www.womenandmedia.org වෙබ් අඩවියෙන්, 0115 632045/0115 635900/0112 690201 දුරකථන අංකවලින් ලබා ගත හැකි ය.