හොඳම සිනමාපටය ඇතුළු Bafta සම්මාන 7ක් “1917” ට
බ්‍රිතාන්‍ය ඇකඩමි සිනමා හා රූපවාහිනී කලා (Bafta) සම්මාන උලෙළේ හොඳම සිනමාපටය, විශිෂ්ටතම බ්‍රිතාන්‍ය සිනමාපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 7ක් දිනා ගැනීමට සෑම් මෙන්ඩස්ගේ “1917” චිත්‍රපටය සමත් විය.
73 වැනි වරට සංවිධානය කළ සම්මාන උලෙළ ඉකුත් දා ලන්ඩනයේ රෝයල් ඇල්බට් ශාලාවේ දී පැවැත්වුණි.
හොඳම රංගන ශිල්පිනිය ලෙස “ජූඩි” සිනමාපටයේ රඟපෑ රෙනේ සෙල්වෙජර් සහ හොඳම රංගන ශිල්පියා ලෙස “ජෝකර්” සිනමාපටයේ රඟපෑ වකීන් ෆීනික්ස් එහිදී සම්මාන දිනා ගත් හ. රෙනේ සෙල්වෙජර් සහ වකීන් ෆීනික්ස් දෙදෙනා 77 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ දී සහ 26 වැනි ස්ක්‍රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උලෙළේ දී හොඳම රංගන ශිල්පිනිය සහ හොඳම රංගන ශිල්පියා ලෙස ඇගයුම් ලැබූ අතර එළඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිත 92 වැනි ඇකඩමි සම්මාන උලෙළේ සම්මාන සඳහා ද නිර්දේශ ලබා ඇත.
Bafta සම්මාන උලෙළේ සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
හොඳම සහාය රංගන ශිල්පිනිය : ලෝරා ඩර්න් - Marriage Story
හොඳම සහාය රංගන ශිල්පියා : බ්‍රැඩ් පීට් - Once Upon a Time In Hollywood
හොඳම අධ්‍යක්ෂණය : සෑම් මෙන්ඩස් - 1917
හොඳම නැඟී එන තරුව (ප්‍රේක්ෂක චන්දයෙන්) : මිෂෙල් වෝඩ්
බ්‍රිතාන්‍ය තිර රචකයෙක්, අධ්යක්ෂවරයෙක් හෝ නිෂ්පාදකවරයෙක්ගේ විශිෂ්ටතම කුළුඳුල් සිනමාපටය : Bait- මාක් ජෙන්කින්, කේට් බයර්ස්, ලින් වේට්
හොඳම විදෙස් භාෂිත චිත්‍රපටය (ඉංග්‍රීසි නොවන): Parasite
හොඳම වාර්තා චිත්‍රපටය : For Sama
හොඳම සජීවිකරණ චිත්‍රපටය : Klaus
හොඳම මුල් තිරපිටපත : Parasite - හන් ජින් වොන්, බොන් ජූන්-හෝ
හොඳම අනුවර්තිත තිරපිටපත : Jojo Rabbit - ටයිකා වයිටිටි
හොඳම සංගීත අධ්‍යක්ෂණය : Joker - හිල්ඩා ගූඩ්නඩොටිර්
හොඳම කැමරා අධ්‍යක්ෂණය : 1917 - රොජර් ඩයිකින්ස්
හොඳම ඇඳුම් නිර්මාණය : Little Women - ජැකලින් ඩුරන්ට්
හොඳම සංස්කරණය : Le Mans 66 - ඇන්ඩෘ බක්ලන්ඩ්, මිෂෙල් මැක්කස්කර්
හොඳම නිෂ්පාදන සැලසුම : 1917 - ලී සැන්ඩල්ස්
හොඳම වේශ නිරූපණය සහ කොණ්ඩා සැකසුම් : Bombshell - විවියන් බේකර්, කසු හීරෝ, ඈන් මෝගන්
හොඳම ශබ්ද සැලසුම් : 1917 - ස්කොට් මිලාන්, ඔලිවර් ටානි, රේචල් ටටේ, මාක් ටේලර්, ස්ටුවර්ට් විල්සන්
හොඳම විශේෂ දෘශ්‍ය ප්‍රයෝග : 1917 - ග්‍රෙග් බට්ලර්, ගුයිලුම් රොචේලොම්, ඩොමිනික් ටෝහි
හොඳම කෙටි චිත්‍රපටය : Learning to Skateboard in a Warzone
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය : Grandad Was a Romantic
සිනමාව උදෙසා කැපී පෙනෙන දායකත්වය : ඇන්ඩි සර්කිස්
© Mirror Arts