"ගාඩි" ඉන්දියාවේ චෙන්නායි ස්වාධීන සිනමා උලෙළේ තිරගත වේ
පෙබරවාරි මස 08 සහ 09 දෙදින තුල ඉන්දියාවේ චෙන්නායිහී පැවැත්වෙන 03 වෙනි චෙන්නායි ස්වාධීන සිනමා උලෙළ (Independent Film Festival of Chennai) නියෝජනය කිරීමට ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ "ගාඩි" (Children of the Sun) සිනමාපටය සුදුසුකම් ලබා ඇත. රටවල් 12 ක් නියෝජනය කරමින් සිනමාපට 34 කට අධික සංඛ්‍යාවක් තිරගතවන මෙම උලෙළේ අවසන් සිනමාපටය (Closing Film) ලෙසින් "ගාඩි" එළඹෙන 09 වෙනිදා රාත්‍රී 7.30ට උලෙළේ දී තිරගත වේ.
2018 වසරේ සමාරම්භය සටහන් කළ චෙන්නායි ස්වාධීන සිනමා උලෙළේ ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටයක් තිරගතවන සිව්වන අවස්ථාව මෙය වේ. මීට පෙර 2018 වර්ෂයේ පැවති පළමු අදියරේදී විසාකේස චන්ද්‍රසේකරන්ගේ "සයපෙති කුසුම" (Frangipani) චිත්‍රපටයත්, 2019 වසරේ පැවති 02 වෙනි අදියරේදී අසෝක හඳගමගේ "ඇගේ ඇස අග" (Let Her Cry) හා අසෝක හඳගම-ප්‍රසන්න විතානගේ- විමුක්ති ජයසුන්දර එක්ව අධ්‍යක්ෂණය කළ "තුන් දෙනෙක්" ( Her, Him , The Other) යන සිනමාපට ද්විත්වයත් තිරගත විය.
2019 වසරේදී දකුණු කොරියාවේ බූසාන් අන්තර්ජාතික සිනමා උලෙළෙන්, අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය ආරම්භ කළ "ගාඩි" සිනමාපටය තිරගතවන වන 08 වෙනි අන්තර්ජාතික සිනමා උලෙළ චෙන්නායි ස්වාධීන සිනමා උලෙළ වේ.
"ගාඩි" මෙතෙක් තිරගත වූ අන්තර්ජාතික සිනමා උලෙළයන්..
(1)."A Window on Asian Cinema"- 24th Busan IFF, South Korea - 2019
(2)."Feature"- 17th San Francisco International South Asian FF, USA- 2019
(3)."Jury Films"- 24th IFF of Kerala, India- 2019
(4)."Global Cinema"- 18th Pune IFF, India- 2020
(5)."Asian Competition"- 18th Dhaka IFF, Bangladesh-2020
(6)."Global Cinema"- 10th Yashwant IFF, India- 2020
(7)."Voices Main Programme"- 49th IFF Rotterdam, Netherlands- 2020
සටහන- උදිත ලක්මාල් කහඳවආරච්චි