- සිනමා කර්මාන්තයේ වර්ගවාදය ගැන 'ජෝකර්' හඬනගයි-
‘ජෝකර්’ සිනමාපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ජෝක්වින් ෆීනික්ස්, පසුගිය ඉරිදා පැවති බැෆ්ටා සිනමා උලෙළේ දී සිනමා කර්මාන්තයේ වර්ගවාදයක් ක්‍රියාත්මක වන බවට ලෝකයේ විචාරක අවධානය යොමුවන කතාවක් කළා.
ප්‍රධාන නළුවාට හිමි සම්මානය දිනා ගත් ජෝක්වින් මෙහෙම කිව්වා.
“සම්මාන උලෙළවල්වලදී, නිර්දේශකයන් සහ නළුනිළියන් අතර එක්තරා භේදයක් තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මේ තත්වය තවදුරටත් මගහැරලා ඉන්න බැහැ.
බැෆ්ටා උලෙළට පැමිණීමට ලැබීමත්, එයින් ඇගයීමක් ලැබීමත් මට ගෞරවයක්. ඒත් කළු ජාතිකයන් විදියට නම් කළ, වර්ගවාදය නිසා ඇතැම් නළුවන්ව නිර්දේශ වෙන්නේවත් නැහැ. මට වගේ වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. සම්මාන ලැබෙන්නේ නැහැ. ඒ ගැන මට තියෙන්නේ ලැජ්ජාවක්.
මගේ මිතුරු නළුවන්ට ඒ වරප්‍රසාද ලැබෙන්නෙ නැති එක ගැන මම දරන අදහස සංකීර්ණයි.
අපේ සිනමා කර්මාන්තයට විශාල දායකත්වයක් දක්වපු, අපි පවා ප්රතිලාභ ලබන මට්ටමට සිනමාව පත්කරපු ඒ මිනිසුන්ව මෙවැනි සම්මාන උලෙළවල්වලදී කැඳවන්නේවත් නැහැ. සම්මාන උලෙළකට වගේ දෙයකටවත් ඔවුන් සුදුසු නැහැයි වගේ අදහසක් අපි එයින් ගෙන එනවා. ඒ අදහස ඉතාම පැහැදිලිව ඔවුන්ට මේවැනි දේවල්වලින් ප්‍රකාශ වෙනවා.
මම හිතන්නේ නැහැ කිසි කෙනෙකුට දීමනා හෝ අනුග්රාහකයන්ගේ සැලකිලි අවශ්‍යයි කියලා. සාමාන්‍යයෙන් මිනිසුන් විදියට හැම අවුරුද්දකම අපිට ඒවා තමන්ට ම ලබාදෙන්න පුලුවන්.
කොහොමවුණත් මමත් මේ ප්රශ්නයේ කොටස්කාරයෙක් වෙලා. මම මගේ බලයෙන් කළ හැකි උපරිම දේ කර නැහැ කියලා මට හිතෙනවා” සම්මානය අතැතිව වේදිකාවේ සිටිමින් ජෝක්වින් පැවසුවා. ෴
©ඩිල්ෂානි චතුරිකා දාබරේ
(සීඑන්එන් ඇසුරිනි)