“දේශීය සිනමා වංශය” ද්විතීය කාණ්ඩය අද එළිදකියි
ප්‍රවීන සිනමා විචාරක, කතුවර ගාමිණී වේරගම විසින් රචිත “දේශීය සිනමා වංශය” කෘතියේ ද්විතීය කාණ්ඩය අද (5) දිනයේ දී ජනගත කිරීමට නියමිත ය.
ඒ සවස 3.30 සිට කොළඹ, ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේ දී ය.
1898 සිට 1969 දක්වා දේශීය සිනමාවේ ඓතිහාසික විකාශනය මෙම කෘතියේ පළමු කාණ්ඩයට පාදක වූ අතර අද එළිදකින ද්විතියික කාණ්ඩයට විෂය වී ඇත්තේ 1970 සිට 1979 දක්වා මෙරට සිනමාවේ ඓතිහාසික වර්ධනය යි.
දේශීය චිත්‍රපට තැනු අධ්යක්ෂවරු සිය දෙනකුගේ නිර්මාණ, එම දශකයේ සිය කුළුඳුල් නිර්මාණය කළ අධ්යක්ෂවරු 73 දෙනෙක්, දේශීය දමිල චිත්‍රපට තැනූ අධ්යක්ෂවරු, හවුල් නිෂ්පාදන කළ අධ්යක්ෂවරු, දේශීය ඉංග්‍රීසි චිත්‍රපට කළ අධ්යක්ෂවරු හා එකී චිත්‍රපට පිළිබඳව තොරතුරු ශාස්ත්‍රීය මුහුණුවරකින් මේ ග්රන්ථයට ඇතුලත් වී තිබේ.
70 දශකයේ සමාජ, සංස්කෘතික විපරිණාමය, එහි දේශපාලනික හා ආර්ථික ව්‍යුහයන් කලාවන්ට බලපෑ ආකාරය පිළිබඳව ද කිසියම් විග්‍රහයක් ද මේ ග්රන්ථයට ඇතුලත්ව ඇත.