මෙවර ඔස්කාර් සම්මාන උලෙළේ ජයග්‍රාහකයින් මෙන්න
92 වැනි වරට සංවිධාන කළ ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන රාත්‍රියේ විශිෂ්ටතම සිනමාපටයට හිමි සම්මානය තමන් සතු කරගැනීමට බොන් ජූන් හෝ ගේ “Parasite”මිට සුළු මොහොතකට පෙර සමත්විය. ඒ අනුව හොඳම සිනමාපටයට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් ප්‍රථම විදෙස් භාෂිත සිනමාපටය ලෙස “Parasite” වාර්තා පොත අතරට එක්විය.
හොඳම රංගන ශිල්පියා ලෙස වකීන් ෆීනික්ස් “ජෝකර්” සිනමාපටය වෙනුවෙන් ද හොඳම රංගන ශිල්පිනිය ලෙස රෙනේ සෙල්වෙගර් “ජූඩි” සිනමාපටය වෙනුවෙන් ද එහිදී සම්මානයට පාත්‍ර විය.
ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර ඩොල්බි ශාලාවේ දී පැවැත්වුණු ඔස්කාර් සම්මාන උලෙළේ ජයග්‍රාහකයින්ගේ සම්පුර්ණ ලැයිස්තුව මෙන්න,
හොඳම සිනමාපටය : “Parasite”
හොඳම රංගන ශිල්පියා : Joaquin Phoenix “Joker”
හොඳම රංගන ශිල්පිනිය: Renee Zellweger “Judy”
හොඳම සහාය රංගන ශිල්පියා : Brad Pitt, “Once Upon a Time in Hollywood”
හොඳම සහාය රංගන ශිල්පිනිය : Laura Dern, “Marriage Story”
හොඳම අධ්‍යක්ෂණය : Bong Joon Ho, “Parasite”
හොඳම සජීවිකරණ චිත්‍රපටය: “Toy Story 4” Josh Cooley
හොඳම සජීවිකරණ කෙටි චිත්‍රපටය: “Hair Love,” Matthew A. Cherry
හොඳම අනුවර්තිත තිර පිටපත : “Jojo Rabbit,” Taika Waititi
හොඳම මුල් තිර පිටපත : “Parasite,” Bong Joon-ho, Jin Won Han
හොඳම කැමරා අධ්‍යක්ෂණය : “1917,” Roger Deakins
හොඳම වාර්තා සිනමාපටය : “American Factory,” Julia Rieichert, Steven Bognar
හොඳම සජීවී ක්‍රියා කෙටි චිත්‍රපටය : “The Neighbors’ Window,” Marshall Curry
හොඳම විදෙස් භාෂිත සිනමාපටය : “Parasite,” Bong Joon Ho
හොඳම සංස්කරණය :“Ford v Ferrari,” Michael McCusker, Andrew Buckland
හොඳම හඬ සංස්කරණය : “Ford v Ferrari,” Don Sylvester
හොඳම හඬ සංකලනය : “1917”, Mark Taylor and Stuart Wilson
හොඳම නිෂ්පාදන සැලසුම් : “Once Upon a Time in Hollywood,” Barbara Ling and Nancy Haigh
හොඳම සංගීත අධ්‍යක්ෂණය : “Joker,” Hildur Guðnadóttir
හොඳම ගීතය : “I’m Gonna Love Me Again,” “Rocketman”
හොඳම වෙස් ගැන්වීම සහ කොණ්ඩා සැකසුම් : “Bombshell”, Kazu Hiro, Anne Morgan and Vivian Baker
හොඳම ඇඳුම් නිර්මාණ : “Little Women,” Jacqueline Durran
හොඳම දෘශ්‍ය ප්‍රයෝග : “1917”, Guillaume Rocheron, Greg Butler and Dominic Tuohy
© Mirror Arts