යොවුන් නළු රෆායල් කෝල්මන් දිවියෙන් සමුගනියි
බ්‍රිතාන්‍ය-ඇමරිකානු සිනමාපටයක් වන Nanny McPhee හි රඟපෑ රංගන ශිල්පී රෆායල් කෝල්මන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
දේශගුණ විපර්යාස සම්බන්ධ ක්‍රියාකාරියකු ලෙස ද කටයුතු කළ ඔහු මියයන විට 25 හැවිරිදි වියේ පසුවිය.
රංගන ශිල්පියා හිටි ගමන් ඇද වැටි ඇති බවත් ඔහුට කිසිදු සෞඛ්‍ය ගැටළුවක් නොතිබූ බවත් සඳහන් කරමින් ඔහුගේ සුළු පියා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණි.
රෆායල්ට 2010 බ්‍රිතාන්‍ය ස්වාධින සිනමා සම්මාන උලෙළේ දී හොඳම යොවුන් රංගන ශිල්පියාට හිමි සම්මානය හිමිවිය. 2010 බ්‍රසල්ස් කෙටි චිත්‍රපට උලෙළේ දී ද ඔහු සම්මානයක් දිනා ගත්තේ ය.
රෆායල් කෝල්මන් ජනාදරය දිනාගත්තේ නර්ස් මැටිල්ඩා කෘති පදනම් කරගනිමින් නිර්මාණය වූ ෆැන්ටසි, ප්‍රහසන සිනමාපටයක් වන Nanny McPhee හි එරික් බ්‍රවුන් නම් චරිතය සමඟිනි.