ප්‍රවීණ මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.
මියයනවිට ඒ මහතා 91 වියේ පසුවූවා.
ආසියාවේ ප්‍රථම ගුවන්විදුලි සේවය ආරම්භ කළ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ප්‍රථම සිංහල නිවේදකයා වූයේ ඔහුය.
ආරියදාස පීරිස් නිවේදකයෙකුම පමණක් නොව, ගායකයෙක්, වේදිකා නාට්‍ය හා සිනමා රංගන ශිල්පියෙක්, චිත්‍රපට අධ්යක්ෂවරයෙක් ලෙසත් තම හැකියාවන් දැක්වූ සුවිශේෂ කලාකරුවෙකි.
එසේම මෙරට කලා ලොවේ ඉහළින්ම වැජඹුණු තරු කිහිපයක්ම හඳුන්වා දුන් පුරෝගාමියෙකි. ප්‍රථමවරට වෙළෙඳ සේවයේ ස්වර්ණ සංඛ නමින් සිනමා සම්මාන උලෙළක් සංවිධානය කළේද ආරියදාස පීරිස් නම් වූ ගුවන්විදුලි කලාවේ දැවැන්තයා විසිනි.