රංගන ක්ෂෙත්රයේ යෙදෙන අය බොහෝ දෙනෙක් මේ වනවිට රූපවාහිනී වැඩ සටහන් මෙහෙයවන්නට එක්ව තිබෙනවා. රූපවාහිනී වැඩ සටහන් මෙහෙයවන අය ඉතා අඩු ප්‍රමාණයක් තමයි රංගනයට එකතුවෙන්නේ.තනූජා ජයවර්ධන රූපවාහිනී වැඩ සටහන් මෙහෙයවන්නියක් ලෙස සිය කටයුතු ආරම්භ කරන්නේ සිරස මාධ්‍ය ජාලයෙන්.
ඇය නාරද බක්මීවැව සමග රස රිසි ගී වැඩ සටහන මෙරට අංක එකේ රූපවාහීනී සංගීත වැඩ සටහන බවට පත් කරමින් වසර 19ක පමණ කාලයක් තිස්සේම ඉදිරිපත් කරනු ලැබුවේ පේ්රක්ෂක ආදරය මෙන්ම ආකර්ශණය ද දිනාගනිමිනි. ඇය සිරස මාධ්‍ය ජාලයේ වැඩ සටහන් ඉදිරිපත් කරන්නියකගෙන් ඇරඹි ගමනේ YFM නාලිකා ප්‍රධානී ලෙසද සිරස TV හි සතියේ දින වැඩ සටහන් අධ්‍යක්ෂවරිය ලෙසද MTV, MBC මාධ්‍ය ජාලයේ ප්‍රවර්ධන සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂකවරියක් ලෙස ද MBC මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවරියක් දක්වාම ගුවන්විදුලි සහ රූපවාහිනී මාධ්‍ය තුළ අත්දැකීම රැසක් ලබාගත්තාය.
අනතුරුව තනූජා 2017 සිට ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කොට විවිධ ක්ෂෙත්රවල වැඩ සටහන් මෙහෙයවන්නියක් ලෙස කටයුතු ආරම්භ කරනු ලැබීීය. එය විවිධ විෂය පථයන් යටතේ පුළුල් වූ මාධ්‍ය මෙහෙවරක් විය.
කොළඹ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධි ධාරිනියක් වූ ඇය සිය දැණුම තුළින් විශාල සමාජ මෙහෙවරක කොටස් කරුවෙක් බවට පත්ව කටයුතු කරමින් සිටින අතරතුර තවත් සුවිශේෂීී කටයුත්තකට තනූජා දායක ව තිබේ.
තනූජා මේ වනවිට රංගනයට ප්රවිශ්ටව තිබේ. ඇය කැමරාව ඉදිරිපට වැඩ සටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස පේ්රක්ෂකයන් අතරට පැමිණියද ඇයගේ ජීවිතයේ පළමු වතාවට රංගන ශිල්පිණියක් ලෙස දොරට වඩින්නේ එලැඹෙන නොවැම්බර් 28වෙනිදා සිට දෙරණ නාලිකාවෙන් විකාශය වන පොදු ටෙලි නාට්‍ය මාලාවෙනි.
තනූජා පොදු ටෙලි නාට්‍ය මාලාවේ ප්‍රධාන චරිතයක් වූ මාධ්‍ය වේිදිනියකගේ චරිතයට පණ පොවයි .
පොදු දෙරණ නාලිකාවේ වැඩ සටහන් නිෂ්පාදිකාවක වන ශර්මිලා ධර්මාරාසා ෆොන්සේකා විසින් අධ්‍යක්ෂණය කොට ඇත.නොවැම්බර් මස 28 දින සිට සෑම සෙනෙසුරාදා දිනකය රාත්‍රී 8.30 ට පොදු ටෙලි නාට්‍ය විකාශය වීමට නියමිතය
තනූජාට ආදරය කරන බොහෝ රසික රසිකාවියන්ට ඇයගේ අලුත් රංගප්රාප්තිය සුවිශේෂී වනු ඇත.
තනූජාගේ අලුත් රංගන ජීවිතයට මිරර්ආර්ට්ස් වෙතින් සුබ පැතුම්!!!