කොරෝනා මරණ ඉහළ යද්දිී කොරෝනා ව්‍යප්තිය ඉහළ යද්දි මුහුණුපොතේ සංවාදයක් පටන් අරගෙන ලේඛිකාවකගේ පොතකින් තවත් ලේඛිතාවක් කොපි කරලා ඒවා ඇයගේ කෘතියට ඇතුළත් කරලා කියලා. ඒ කොපි කරගත් ලේඛිකාවගේ කෘතියට සම්මාන ලැබී තිබීම විශේෂත්වයක් ද වනවා.තමන් මහන්සියෙන් රචනා කරන කෘතියක වාක්‍ය තවත් කෘතියක පහසුවෙන් එක් කරගැනීම පිළිබඳ වේදනාවක් දුකක් ඇතිවීම ස්වභාවිකය. ගංගාගේ පොත්වල වචන සුජාතාගේ පොතේ තිබී හමුවීම අහඹුවක් වන්නට ද නොහැකිය.
නමුත් මේ පිළිබඳව කථිකාවක් ගොඩ නැගෙන්නේනම් ද්වේශයෙන් තොරව මඩ ගසාගැනීම් වලින් තොරව සාකච්ජාකළ යුතුය. සුජාතා සිය හෘද සාක්ෂියට අනුව කටයුතු කරනු ඇතිද?. සාහිත්‍ය මංකොල්ලයන් ඔිනෑ තරම් සිදුවේ. සම්මාන මංකොල්ලයන්ද එසේමය. මේ කිසිවක අවංක භාවයක් විනිවිද භාවයක් නැත. සියල්ල සිදුවන්නේ ඔවුන්ට අවශ්‍ය පරිදිය.
සුජාතා සහ ගංගා ඔබ දෙදෙනා සාමාකාමීව මේ ගැටළුව විසඳාගන්න.
මෙම හොරකම් කිරීම හෝ වංචා කිරීම හෝ බලාගෙන ලිවීම හෝ නොදන්වා උපුටාගැනීම යන කාරනා කුමකින් හෝ යමක් සුජාතා විසින් කර ඇති බව පැහැදිළිය. මේ පිළිබඳව සුජාතා කර ඇති ප්‍රකාශයක් සබුද්ධීවෙබ් අඩිවියේ පළ කර තිබුනි. සුජාතා එය නිදිහසට කරුණු දැක්වීමක් වැන්නක් කර තිබේ. කෙසේ වුවද අපි එම සටහන මේ ආකාරයෙන් සබුද්ධි වෙබ් අඩවියෙන් රැගෙන පළ කරන්නෙමු.
උපුටාගැනීම-
රජත පුස්තක සම්මාන, ගොඩගේ සම්මාන සහ ගොඩගේ අත්පිටපත් තරගාවලියේදී හොඳම යොවුන් නවකතාවට සම්මාන දිනූ සුජාතා අලහකෝන්ගේ ඒත් අපි පියාඹමු යොවුන් නවකතාව අද උදෑසනම ෆේස්බුකියේ ප්‍රධාන මාතෘකාවක් වී තිබුණා. ඒ එම කෘතිය සම්බන්ධයෙන් සාහිත්යවේදීනි ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද තැබූ සටහනක් සමඟින්. එම සටහනට අනුව ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද පරිවර්තන කළ තැනිතලාවේ පිහිටි කුඩා නගරය නිර්මාණයේ එක් අවස්ථාවක් ඒත් අපි පියාඹමු කෘතියේ එක් අවස්ථාවකට භාෂාමය වශයෙන් සහ සිද්ධිමය වශයෙන් එක සමානයි. දෙවැනුව තැබූ තවත් සටහනකින් මේ මිහිරැති සොඳුරු සමය'කෘතියට සමාන කොටස් ද ඒත් අපි පියාඹමු කෘතියට සමාන බව හෙළි කෙරුණා. මේ පෝස්ටු දෙකට ම ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා ගංගා නිරෝෂිණී සුලිවැලිකන්දගේ පරිවර්තන කෘතිවලින් කොටස් සොරා ගත් සුජාතා අලහකෝන්ගේ ඒත් අපි පියාඹමු කෘතිය නිර්මාණ චෞරත්වයෙන් යුත් කෘතියක් බවට හඳුන්වා දුන්නා. එවැනි නිර්මාණ චෞරත්වයකින් යුත් කෘතියකට සම්මාන දීම ගැනත් එම ප්‍රතිචාරවලින් දැඩිව හාස්‍යයට සහ විවේචනයට ලක් කර තිබුණා. ඒ ප්‍රතිචාර ඉතාම රළුයි. දැඩියි. අවසානයේදී එම ප්‍රතිචාරවල හරය මෙසේ වුණා. මේ සම්මාන තව දුරටත් සාධාරණද..? සුබුද්ධි අපි මේ ප්රතිචාවරලට ප්‍රතිචාරයක් ලබා ගන්න සුජාතා අලහකෝන් සාහිත්යවේදිනියට ඍජුව ම කථා කළා.
''ගංගා නිරෝෂණී වැලිකන්දගේ කෘතිවලවට මම බොහෝ කැමතියි. ඇයගේ පොත් සියල්ල ම වාගේ මා ළඟ තියෙනවා. මම ඒවා විටින් විට කියනවා. මට හොඳට ම මතයි මගේ නවකතාවේ බඩ ඉරිඟු වගාව ගැන සඳහන් සිද්ධියේදී මගේ මනසට උහු කියන වචනය නැඟුණා. මම එය නිර්ලෝභීව නකතාවට යෙදුවා. නමුත් ඒ කෘතිය ළඟ තියාගෙන වචනයෙන් වචනය මම කොපි කළේ නැහැ. නිර්මාණය හොරකම් කරන්න මගේ අදහසක් තිබුණේ නැහැ. මගේ නිර්මාණය සිදු කරද්දි ඇගේ ආභාසය මට ලැබෙන්න ඇති..''යි සුජාතා අලහකෝන් පැවසුවා. මේ ගැන තවදුරටත් පැහැදිලි කරලා නුදුරු මොහොතේම ප්‍රකාශයක් කරන බව ද ඇය පැවුසවා.
ඕනෑම නිර්මාණයක් සිදු කරද්දි ආභාසය යන්න සිදුවන්නක්. අපේ පැරණි සම්භාව්‍ය සාහිත්‍යයේ සංදේශ කාව්‍ය සම්ප්රදාය ගොඩ නැගෙන්නේ සංස්කෘත දූත කාව්‍ය ආභාසයෙන්. ඇතැම් විට සංස්කෘත දූත කාව්‍යයේ එන සංකල්ප, වර්ණනා, වචන දේශජ ස්වරූපයෙන් හෝ ඒ ආකාරයෙන් ම සිංහල සංදේශ කාව්‍යවල දක්නට ලැබෙනවා. සෙසු සම්භාව්‍ය නිර්මාණවලත් එසේයි. නමුත් එයින් නිර්මාණවලින් චෞරත්වය යන්න ප්‍රකට වෙන්නේ නැහැ. නිර්මාණ චෞරත්වය කියන්නේ වෙනත් කෘතියක සමස්තය ම සොරකම් කිරීම. වචයෙන් වචනය, අදහසින් අදහස සොරකම් කිරීම.
සුජාතා අලහකෝන්ගේ ඒත් අපි පියාඹමු කෘතියේ අත්දැකීම මාතලේ නගරයේ ළමා නිවාසයක සිදු වූ සත්‍ය සිදුවීමක්. ඒ කථාවට පාදක වූ චරිත අදටත් ජීවත් වෙනවා. කොහොම නමුත් නවකථාව රචනා කිරීමේදී සුජාතා අලහකෝන් කියන විදියට ගංගා නිරෝෂණී වැලිකන්දගේ කතා කලාවේ ආභාසය නිරායාසව මතු වෙන්න ඇති. මේ වගේ සිද්ධියකට කේ. ජයතිලක සාහිත්යවේදීයාත් මුහුණ දුන්නා. ඔහුගේ චරිත තුනක් නවකතාවේ ගම ගැන කරන සවිස්තරවලදී බැද්දේගම පරිවර්තනයේ කොටස් ඇතුළත් බවට චෝදනා එල්ල වුණා. නමුත් කේ. ජයතිලක ඒ බව බැහැර කළෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ. ඔහු කීවේත් ආභාසය. අත්දැකීම් ඇති සාහිත්‍යවේදියා මේ ආභාසය මනා ලෙස කළමනාකරණය කර ගන්නවා. ඇතැම් විට ආධුනිකයාට වරදින්න පුළුවන්.
ඒනිසා සුජාතා අලහකෝන්ගේ ඒත් අපි පියාඹමු කෘතිය ගැන මැදි තැනක සිටමින් කථා කළ යුතු බව පෙනෙන්නට තියෙනවා. ඒ කොහොම වුණත් මේ චෝදනා ගැන ප්‍රති ප්‍රතිචාරයක් දැන ගන්නට සබුද්ධි අපි උත්සාහ ගත්තා ගංගා නිරෝෂිණි සුදුවැලිකන්ද සාහිත්යවේදනියටත් කථා කරන්න. එය සාර්ථක වුණේ නැහැ. අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නේ මේ සංවාදය නරක නැහැ. සංවාද කරමු. හොඳ දෙයක් බිහි කරන්න අපි සංවාද කරමු..
- සබුද්ධි