නාඩගම්කාරයෝ ඉවරයි .ඒ වෙනුවට සද්ධගෙයි ජයප්රකාශ්ගෙයි දායකත්වයෙන් තවත් ටෙලි නාට්‍යක් ප්‍රදර්ශණය වෙන්න පටන් අරන් . අම්බලන්ගොඩ ප්‍රදේශයේ පවතින පාරම්පරික වෙස්මුහුණු සහ රූකඩ කලාව පිළිබඳ කතා කරන මේ ටෙලි නාට්‍යයේ නම කෝලම් කුට්ටම .
ටෙලි නාට්‍යය රූකඩ කලාවේ නිරත ගුරුන්නාන්සේ කෙනෙක් සහ වෙස් මුහුණු කපන කලා ශිල්පියකු මූලික කරගනිමින් තමයි මෙම ටෙලි නාට්‍ය විකාශනය වෙන්නේ.
නලීන් ප්‍රදීප් උඩුවෙල,මාලි ජයවීරගේ, චමීර ලියනගේ, කවින්ද්‍යා දුල්ෂානි, මාවිලි ෆර්ඩිනාන්ඩු,සරත් කුලාංග, නිරෝෂා තලගල,අනුරාධා එදිරිසිංහ ප්‍රධාන චරිත නිරූපණයෙන් එක්වන කෝලම් කුට්ටම ටෙලි නාට්‍ය කැමරා අධ්‍යක්ෂණය ප්‍රභාත් දර්ශන සංගීතය විශාරද ඉඳුවර සූරියබණ්ඩාර.සංස්කරණය තිවංක උඩගෙදර තිර රචනය සද්ධා මංගල සූරියබණ්ඩාර නිර්මාණශීලි අධ්‍යක්ෂණය ජයප්‍රකාශ් ශිවගුරුනාදන්.නිෂ්පාදනය චේතනී විරේතුංග සහ ශ්‍රීලාල් වික්‍රමගේ .
නාඩගම්කාරයෝ පසුගියකාලයේ බොහෝ දෙනා නරඹපු ටෙලි නාට්‍යක්. එය ජනප්‍රිය වන්නේ එහිවූ සියල්ල සමග. පේ්රක්ෂකයන් කෝලම් කුට්ටම ට දක්වන ප්‍රථිචාර කෙබඳු විය හැකිද?කෝලම් කුට්ටම රාත්‍රී 9.30ටස්වර්ණවාහිනියෙන් විකාශය වේ.
රූකඩ හදන මිනිස්සු මැරෙනවා. හැබැයි රූකඩ අවුරුදු සිය ගානකටත් වඩා පවතිනවා.
https://mirrorarts.lk/news/6571-kolam-kuttam-swarnavahini#sigProId4e1a721018