අනෝමා රාජකරුණා විසින් අධ්‍යක්ෂණය කරන ලද 'Forward Drive'සහ 'The Outcast' යන ශ්‍රී ලාංකේය කෙටි චිත්‍රපට දෙක අන්තර්ජාතික හැනෝයි සිනමා උළෙල සඳහා තෝරාගෙන ඇත.
6 වන හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල(HANIFF VI) උළෙල 2022 නොවැම්බර් 8 සිට නොවැම්බර් 12 දක්වා පැවැත්වේ. හැනෝයි ජාත්‍යන්තර චිත්‍රපට උළෙල වියට්නාමයේ හැනොයි නගරයේ පැවැත්වෙන අතර මෙම ද්විවාර්ෂික සිනමා උළෙල වියට්නාමයේ සංස්කෘතික ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ වියට්නාමයේ සිනමා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබේ.අනෝමාගේ මෙම චිත්රපටහි ජාත්‍යන්තර මංගල දර්ශනය මෙය වීමද විශේෂත්වයකි.
'Forward Drive'සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ ලිංගික දිශානතිය පිළිබඳ ව නිර්මාණය වූවකි. 'Forward Driveහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ පූජන දන්දෙණිය සහ පසන් රන්වීරය. සමන්මලී ෆොන්සේකා, නාරද බක්මීවැව, සුලෝචනා වීරසිංහ, ඉමිතා ජයකොඩි ද මේචිත්රපටය සඳහා රංගනයෙන් දායක වෙති.
'The Outcast' ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයේ සම්ප්‍රදායික කූට්ටු වේදිකා නාට්‍ය කලාවෙ ප්‍රධාන කාන්තා චරිතය රඟපාන නළුවෙකු ගේ ලිංගික දිශානතිය පිළිබඳව නිරූපණය වේ.මෙහි ප්‍රධාන චරිත රංගනයෙන් දායකවන්නේ රාසියා ධනරාජ් සහ නවයුගා කුගරාජ් ය. සෙසු චරිත සඳහා ජුලියානා ජෝන් ෆිලිප්ස්, එස්.රංගවේතන්, එස්.මතුශාන් සහ යූ. ජතුුශාන් රංගනයෙන් දායක වේ.
මෙම කෙටි චිත්‍රපටයන්හි කැමරා අධ්‍යක්ෂණය - සමීර වීරසේකර, සංස්කරණය-සමන් අල්විටිගල, ශබ්ද පටිගත කිරීම - ප්‍රියන්ත පෙරේරා, සංගීතය - චින්තක ජයකොඩි, වර්ණ - දිනිඳු ජාගොඩ, වේශ නිරූපණය - මදාරා ගොඩගේ ගෙනි. 'Forward Drive' හි තිර රචනය කෞශල්‍ය පතිරණගේ ය. .'The Outcast' හි තිර රචනය අනෝමා රාජකරුණා ගේය.
'Forward Drive' HANIFF VI හි ජාත්‍යන්තර කෙටි චිත්‍රපට තරඟය සඳහා තරඟ වදින අතර 'The Outcast' උළෙලේ World Panorama section යටතේ ප්‍රදර්ශනය කෙරේ.
'Forward Drive' , 'The Outcast' චිත්‍රපට අනෝමා රාජකරුණා විසින් LGBT සමූහය Westminster Foundation for Democracy. වෙනුවෙන් මෑතකදී නිර්මාණය කරනු ලැබු "Somewhere in Sri Lanka.. යන චිත්‍රපට මාලවේ චිත්‍රපට දෙකකි.