පහුගිය සතිය පුරාවට සමාජ මාධ්‍ය වල ජය ශ්‍රී සංගීත කණ්ඩායම ගැන විවිධාකාර කතාබහ නැගෙන්න ගත්තා. මේකට හේතුවුණේ ජය ශ්‍රී ලා සමාජ මාධ්‍ය වල කරලා තිබුණු කතාබහක් අතරතුරදී රුවිතේ,
ඩයමන්ඩ් වගේ දේවල් ගැන කරපු කතාවයි.
තමන් ගැන පැතිරුණු පුවත් වලට උත්තර දෙන්න ඊයේ (24) දවසේදී ජය ශ්‍රී ලා එෆ් බී ලයිව් එකකුත් කළා. මේ කතාබහේදී ජය ශ්‍රී ලා කියලා තිබුණේ එයාලා අලුතින් රිලීස් කරන්න යන සිංදුවක් ගැනයි. මේ ගීතය නම් කරලා තිබුණේ 'රුවිතේ' නමින්. ජය ශ්‍රී රෝහිත ඒ ගැන කිව්වේ,
‘සෑහෙන හාහෝවක් යනවා. ජය ශ්‍රී කියනවා. රුවිතේ කියනවා. මතුවෙන්න කියනවා. බඩු හොඳයි කියනවා. සැරයි කියනවා. ඉතිං, කොහොම වුණත් අපිට කියන්න ඕන, මෙන්න මෙච්චරයි. අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ’ යන්නයි.
මේ කියන 'රුවිතේ' ගීතය එළඹෙන 28 වෙනිදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලිකාවෙන් එළිදකින්නට නියමිතයි.
ලංකාවේ සංගීත ක්ෂේත්රයේ ඉන්න දක්ෂයින් පිරිසක් එක්වෙලා කරපු මේ නිර්මාණයේ විෂුවල් එකෙන් අපේ රටේ තියෙන ලස්සන තැන් ගණනාවක් දැකබලා ගන්නත් පුලුවන්. කලින් නිර්මාණ වගේම ජය ශ්‍රී ලගේ මේ ගීතයත් සැබෑම වෙනසක් වෙන බව නිසැකයි.