මැලේසියානු සම්භවයක් සහිත ජනප්‍රිය නිළියක වන මිෂේල් පසුගියදා යුග දිවියට ඇතුළත් වී තිබෙනවා.
ඇය යුග දිවියට ඇතුළත් වන විට 60 හැවිරිදි කාන්තාවක්ව සිටීමද විශේෂත්වයක්.
ඇයගේ අතිනත ගෙන ඇත්තේ වයස අවුරුදු 77ක් වන ජීන් ටොඩ් නමැති ප්‍රංශ ජාතික ධානපතියායි.
මෙම ප්‍රංශ ව්‍යාපාරිකයා මිෂේල්ට විවාහ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ 2004 වසරේ ජූලි මස 26 වැනිදා වන අතර, ඇය කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ පසුගිය ජූලි මාසයේ 27 වැනිදායි.
ඒ අනුව දින 6992ක්, එනම් වසර 19ක් ගත වූ බව සමාජ මාධ්‍ය ජාලයේ සටහනක් තබමින් හොලිවුඩ් නිළිය සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඇය ඔහුට කැමැත්ත දුන් දිනයේම ඔවුන් දෙදෙනා ඉතා චාම් අයුරින් ස්විට්සර්ලන්තයේ විවාහ වී තිබෙනවා.
90 දශකයේ මුල් භාගයේ දී හොලිවුඩ් සිනමාවට පිවිසි මිෂේල් 1997දී ‘Tomorrow Never Dies‘ ජේම්ස් බොන්ඩ් චිත්‍රපටයෙන් සහ 2000දී Crouching Tiger, Hidden Dragon සටන් චිත්‍රපටයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් වූ වුණා.
ඔස්කාර් සම්මාන දිනූ පළමු ආසියාතික නිළිය ලෙස ඇය හඳුන්වන අතර පසුගිය වසරේදී තිරගත වූ ‘Everything Everywhere All at Once‘ චිත්‍රපටයේ රංගනය උදෙසා හොඳම නිළිය ලෙසයි ඇය සම්මානයෙන් පිදුම් ලැබුවේ.