ලොව පුරා ජනප්රිය වෙමින් ඇති "බාබි" චිත්රපටයට සමහර අරාබි කලාපයේ රටවලින් දැඩි විරෝධයක් මතුවෙමින් පවතියි.
එය මේ වනවිට කුවේටයේ තහනම් කර ඇති අතර ලෙබනනයේ ද එය තහනම් කරන ලෙස ඉල්ලීම් මතුවෙමින් තිබේ.
කුවේට් බලධාරීන් පවසන්නේ "සමාජ ආචාර ධර්ම" ආරක්ෂා කිරීම සඳහා ඔවුන් මෙම තීරණය ගත් බවය.
මේ අතර එම චිත්රපටය මගින් සමලිංගිකත්වය ප්රවර්ධනය කරන බව ලෙබනනය පවසයි.
නමුත් දැඩි මතධාරී සෞදි අරාබිය ඇතුළු එම කලාපයේ රටවල් කිහිපයක එම චිත්රපටය ප්රදර්ශනය කෙරේ.
මීට සති කිහිපයකට පෙර එළිදැක්වූ මෙම චිත්රපටය මේ දක්වා ඩොලර් බිලියනයකට වැඩි ආදායමක් උපයා ඇති බව සඳහන් ය.
උපුටා ගැනීම අද දෙරණ