lan englan tam

පුවත්

ගෑනු හිටියෙම හිනාවීගෙන

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 
ඉර බැහැගෙන යන්න කළින් අහස රෝස

බිළිදියකගේ ළපටි නියතුඩු රෝස
සුමුදු යටිපතුල් රෝස

සුහුඹුල් කෙල්ලකගෙ ලා කම්මුල් රෝස
ඇගේ පිරුණු තොල් රෝස 

කෙළිබර යෞවනියකගේ පියයුරු තුඩු රෝස 
ඇගේ විළිබර හිනාවක ඇස් කෙවෙනි අග රෝස

ගැහැනියකගේ මුළු ජීවිතයම රෝස
රෝස කටු හංගා ඇය 
රෝසමල වගේ හිනාවෙන ලස්සන

සමුගැනුමක් ඇරඹුමක් වෙනුවෙන් හොඳම පාට රෝස!


ඉහත දැක්වෙන්නේ ගැහැනුන් ගැන ලියවුණු කවියකි. ගැහැනු ජීවිතයේ රෝස පැහැය අග දිලෙන අඳුරු අහුමුලු අතගෑමට ඉඩ සලසන රසිකා මුහන්දිරම්ගේ කිවිඳියගේ 'ගැහැනු හිටියෙම හිනාවීගෙන' කාව්‍ය සංග්‍රහය දොරට වැඩීමේ උත්සවය අගෝස්තු 27 වැනිදා සන්ධ්‍යාවේදී ගාල්ල සවුත්ලන්ඩ් විදුහලේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති, මහාචාර්ය මොහොමඩ් මහීස්, ආචාර්ය අමරසිරි වික්‍රමරත්න, ජනතාවාදී ගත්කතුවර චූලානන්ද සමරනායක, කාව්‍ය ලේඛිකා ප්‍රගීතිකා ජයසේකර, මාධ්‍යවේදිනී විශාඛා වේහැල්ල යනාදී කාව්‍යකරණ සහ නිර්මාණකරණ ලැදි පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම කාව්‍ය එළිදැක්වීම සිදු කෙරිණි. 
 
 
 
Back to top
Go to bottom

Popular News