සම්මානනීය කාව්‍ය රචක සෞම්‍ය සඳරුවන් ලියනගේගේ තෙවැනි කාව්‍ය සංග්‍රහය "ඉතින් කවියනි, හොඳට නින්ද යනවද රෑට?" කාව්‍ය සංග්‍රහය එළඹෙන සැප්තැම්බර් 16 වැනිදා සවස 2.30ට කොළඹ, මහවැලි කේන්ද්‍රයේදී එළිදැක්වේ.
'හැටේ වත්තේ මග්දලේනා', 'නුඹ නො ඒ නම් කියන්න' යනාදී කාව්‍ය සංග්රහයන්ගෙන් අනතුරුව වසර 07ක ඇවෑමෙන් සෞම්‍ය මෙම නිර්මාණ එළිදැක්වීමට දින යෙදීම කාව්‍ය නිර්මාණකරණයේ තවත් රසවත් අත්දැකීම් රසිකයාට ලබා දෙන සන්ධිස්ථානයක් වනු ඇත.
ජනප්‍රිය 'ඉතින් එබැවින් නවතිමී' ගීතය සකස් කෙරුණේද සෞම්‍ය විසින් රචිත කවියක් ඇසුරෙනි.