ශ්රී ලංකාවේ සිනමා කර්මාන්තයේ වැඩිදියුණුව වෙනුවෙන් EAP Films and Theatres සමග ඉන්දීය ලයිකා (Lyca) නිෂ්පාදන සමාගම නව නිෂ්පාදන පහසුකම් ලබා දීමේ උපායමාර්ගික සහයෝගීතාවකට පසුගිය සතියේ එළඹිණි.
ඉන්දියාවේ විශාලතම චිත්රපටි නිෂ්පාදන සමාගමක් වන ලයිකා සමාගම චිත්රපටි නිෂ්පාදන සඳහා නවීන පහසුකම් ශ්රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළ අතර ශ්රී ලාංකික සිනමාව සහ සිනමාකරුවන් පුහුණු කිරීමට අවැසි දැනුම ලබා දීමට අපේක්ෂා කරයි.
මෙම උත්සව අවස්ථාවට ශ්රී ලංකා, දකුණු ඉන්දීය සිනමාවේ නමක් දිනාගත් ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
ලයිකා සමාගම වෙනුවෙන් එහි සභාපති අල්ලිරාජා සුබාස්කරන් ප්රධාන පිරිසක්ද ජාතික චිත්රපටි සංස්ථාවේ සභාපති දීපාල් චන්ද්රරත්න සහ ශ්රී ලාංකික රංගන ශිල්පී රන්ජන් රාමනායක යනාදීහුද මෙම උත්සව අවස්ථාවට සහභාගි වූහ.
ඉදිරියේදී දේවි කුසුමාසන, ක්රිකට් තාරකාව ලසිත් මාලිංග දායක වන මාලි, විජය කුමාරතුංගයන්ගේ චරිතාපදානය ලයිකා සමාගමේ පූර්ණ සහායෙන් නිර්මාණය කිරීමට නියමිතය.
ඡායා : Lyca Productions Lanka FB