lan englan tam

පුවත්

පත්තර වැසෙන රටේ ලෝ වටා ලාංකිකකයින්ට පත්තරයක් - රත්නදීප

Star InactiveStar InactiveStar InactiveStar InactiveStar Inactive
 

දෛනිකව පුවත්පත් වැසෙන, පුවත්පත් අවතක්සේරු කර දකින ශ්‍රී ලංකාව තුළ ලෝකය පුරා සිටින ලාංකිකයින්ට කියැවිය හැකි පුවත්පතක් ලෙස 'රත්නදීප' පුවත්පත එළිදැක්වී තිබේ.


ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක බෙදා හැරෙන ලෙස නිර්මාණය කළ පුවත්පත මාසිකව නිකුත් කිරීමට නියමිතය.
ප්‍රගීත් මානියංගමගේ කර්තෘත්වයෙන්, සංජක ප්‍රසාද් දොලේවත්ත, දිමුතු පරාක්‍රම, ලක්මිණ රණසිංහ, සුපුන් රත්නායක, සජිතා ලක්මාලි කර්තෘ මණඩල කමිටු නියෝජනයක් සහිතව මුද්‍රණය කෙරෙන රත්නදීප, ෆාතිමා ශ්‍රමිලා ලතීෆ්ගේ සම්බන්ධීකරණය සහිතයි. පිටු සැකසුම් මෙහෙයවීම මොල සෙනෙවිරත්න සිදු කරයි.
දීප්ති කුමාර ගුණරත්න, කේ.කේ. සමන් කුමාර, විමලනාත් වීරරත්න, නාරද බක්මීවැව, හසලක තුෂාර, අනූෂා සිවලිංගම්, රජිත බස්නායක, රසිකා හේමමාලි, අනුර කේ. එදිරිසූරිය, සු බණ්ඩාර කරුණාරත්න යනදී මාධ්‍යවේදීන් ඇතුළු හැකියා පිරිපුන් ලේඛ මඩුල්ලක් රත්නදීප නියෝජනය කරයි.
පුවත්පත් වැසෙන අවධියකත්, පුවත්පත් කලාවේදීන්ම පුවත්පත් එපා යැයි කියන අවධියකත් ලාංකිකයින් වෙනුවෙන් පුවත්පතක් නිමැවීමට දායක වූ 'රත්නදීප' කණ්ඩායමට 'මිරර් ආට්' සුබ පැතුම්!

රත්නදීප ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල කමිටු සාමාජික සංජක ප්‍රසාද් දොලේවත්ත සහභාගි වූ 'චරණ ටීවී'හි වැඩසටහන පහළින්,

Rathnadeepa Charana TV Discussion

Back to top
Go to bottom

Popular News