ජනමාධ්‍ය නියාමන පනත අත්තනෝමතිකව සකස් කළ, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝනය කරන ප්රජාතන්ත්ර විරෝධී පනත් කෙටුම්පතක් බව එක්සත් ජනරජ එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති, හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරු පරණවිතාන අද (22) එම පෙරමුණේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
පනතෙහි අන්තර්ගතය අනුව සිය පක්ශය මෙම පනත ප්‍රතික්ෂේප කරන බව හෙතෙම පැවසීය.
"මේ පනත සම්මත වීම වැළැක්වීම සඳහා කටයුතු කරන්න කියලා මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වගේ ම ප්රජාතන්ත්රවාදය අගයන සියලුම ජනතා බලවේගවලිනුත් අපි ඉල්ලා සිටිනවා. මේ පනත සම්මත වෙන්ට මේ ආකාරයෙන් සම්මත වෙන්ට ඉඩ දෙන්නට එපා. එය වළක්වන්න කටයුතු කරන්න.
මේ පනත සකස් කරලා තියෙන ආකාරය දිහා බලනකොට අපිට පේනවා මේ පනත සකස් කරපු අය හිතනවා කියලා මේ ලංකාවේ තිබෙන ප්‍රධානම ප්රශ්නය මේ සමාජ මාධ්‍යයේ ප්රශ්නය කියලා. දැන් මොනවද ලංකාවේ තිබෙන ඇත්ත ප්‍රධාන ප්‍රශ්න. අපේ මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වෙලා තිබෙන්නේ. ඒක මේ සමාජ මාධ්‍ය විසින් ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක අපි කවුරුත් දන්නවා.
.. මේවා සමාජ මාධ්‍ය ඇති කරපු ප්‍රශ්නයක් නෙවෙයි." යනුවෙන් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
පුවත්
මාධ්‍ය නියාමන පනත ලංකාව හුදකලා කරන පනතක්! - කරු පරණවිතාන
-
Category
පුවත් -
Hits
344 times