අධිකරණයෙන් දඩ නියම වී එම දඩ මුදල් ගෙවාගැනීමට බැරි කාන්තාවන් වෙනුවෙන් සහ බන්ධනාගාරගත මව්වරුන් හේතුවෙන් ඒ තුළ සිටින දරුවන්ගේ සුබසාධනය උදෙසා ක්රියාත්මක විලාසිතා දැක්මක් ශ්රී ලංකාවේ පළමු වතාවට නීතිඥ කණ්ඩායමකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව 'මිරර් ආට්' අපි මීට පෙර ඔබට කීවෙමු.
කොළඹ ගාලුමුවදොර හෝටලයේ amor සංවිධානය විසින් සංවිධානය කරනු ලබන Fashion for Freedom විලාසිතා දැක්ම මෙසේ එළඹෙන ඔක්තෝබර් 07 වැනිදා පැවැත්වීමට නියමිතය.
නීතිඥ කණ්ඩායමක් පමණක් සහභාගි වන මේ විලාසිතා දැක්ම ඇසට අයස්කාන්ත දසුනක් මෙන්ම මනසට මනස්කාන්ත හැඟීමක් මුසු කරනවා ඒකාන්ත බව amor වැඩිදුරටත් පවසයි.
"ඉස්කෝල වැහිලා හිරගෙවල් ඇරෙන රටක අපි මොන තරම් අවාසනාවන්තද? මේ අවපැහැ ගැන්වුණ සමාජය ඇතුළෙ අපි තාමත් උත්සහ කරන්නෙ ඉන්ද්රචාපයක් වෙන්න. ඒ වෙනුවෙන්ම අපි වෛවර්ණ හැන්දෑවක් ලහි ලහියේ ලෑස්ති කරනවා කියල ඔයාලා හැමෝම දන්නවා.
ඒ හැඩකාර හැන්දෑව ඇසින් දුටු සාක්ෂිකාරයන් වීමේ ගෞරවාන්විත පංගුකාරයන් වීමට ඔබේ අසුනත් වෙන් කරගන්න කියන ආරාධානයයි මේ.
හිරගෙවල් වහන්න අපිට බැරි බව ඇත්ත වුණත් හිරගෙවල්වල බිත්ති හතර මැද්දේ හෙළන මහා සුසුමක බර සැහැල්ලු කරන්න අපි එකතු වුණොත් පුළුවන් කියල අපි අපිට සහතික වෙමු!" ඔවුන් එසේ සිය ආරාධනය පළ කරයි.
මෙම විලාසිතා දැක්ම 'අමුතු' පන්නයේ එකක් වන බවට මේ වන විට විලාසිතා මෙන්ම කලා ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර මෙය ඇත්ත වශයෙන්ම මගහැර නොගත යුතු අත්දැකීමක් මෙන්ම යුතුකමක්ද වේ.
ප්රවේශපත් වෙන් කරගැනීමට නිරූපා 077 7844684, චූලා 077 6594994 අංක ඇමතිය හැකිය.